IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම වටිනා සන්නාමය සියැට්

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ්‍රී ලංකාවේ Motor අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ දී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේ දී සියැට් සන්නාමය සමස්තයක් ලෙස ස්ථාන 05 ක් ඉදිරියට පැමිණ ඇත.

මේ අනුව, ලෝකයේ ප්‍රමුඛතම සන්නාම ඇගයීමේ උපදේශන ආයතනයක් 2021 වසරේ දී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,024 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2020 වසරට සාපේක්ෂව සියයට 46 ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර, විශාලතම බැංකු, විදුලි සංදේශ සේවා සම්පාදකයන් සහ සිල්ලර අංශයේ දැවැන්තයන් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 ක් අතුරින් සමස්තයක් ලෙස සන්නාම වටිනාකම් දර්ශකයේ 48 වන ස්ථානයට පැමිණීමට සියැට් සන්නාමය සමත්වීම මෙහිදී කැපී පෙනේ.

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් සඳහා බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙහිදී AAAසන්නාම වර්ගීකරණය ලබාදී ඇත. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ පාරිභෝගික සන්නාම සඳහා ලබාදුන් දෙවන හොඳම වර්ගීකරණය මෙය වේ. 

මෙම ජයග්‍රහණය පිළිබඳව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඩ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කො​රෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ නව වෙළෙඳපොළ තත්ත්වයනට අනුගත වෙමින් විවිධ ටයර් ප්‍රමාණ පැනවූ ආනයන සීමාවලට අනුව ඇති වූ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවලට ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඉතාමත් ඉහළ කැප කිරීමක් කළ සමාගමේ විවිධ මට්ටම්වල සියලු දෙනාටම අපි මෙම සම්මානය පුද කරනවා. මේ අවස්ථාවේ දී සියැට් ඉහළටම පැමිණි අතර සියැට් ව්‍යාපාරික කටයුතු මෙන්ම සන්නාමයේ වටිනාකම මේ හේතුවෙන් වර්ධනය වුණා. මේ නිසා, මේ වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ Movers and Shakers යටතට ආඩම්බරයෙන් අපි පත්වුණා.’ 

ISO 10668 කර්මාන්ත ප්‍රමිතිය සමග අනුකූල වන සන්නාම තක්සේරුකරණ ක්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප්‍රවේශය භාවිතාකරමින් මෙහිදී සන්නාමවල වටිනාකම් ඇගයීම සිදුකරයි.



අදහස් (0)

මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම වටිනා සන්නාමය සියැට්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site