භානුක අමරසිංහ
මෙම වසරේදී මෙරට යල සහ මහ කන්න දෙකෙහිම සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.01ක් වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර සිටියි. ඒ අනුව මෙය 2024 වසරේ වාර්තා කළ මෙට්‍රික් ටොන් මිලියන 4.70ක සමස්ත වී නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 6.6ක වර්ධනයක් වනු ඇතැයි අදහස වී තිබේ.
මහ බැංකුව මගින් නිකුත් කළ ඔක්තෝබර් මාසය සඳහා වන කෘෂිකාර්මික දත්ත විවරිණිකාව තුළ මේ බව සටහන්ව තිබේ.
එහිදී මහ කන්නයේ මෙට්‍රික් ටොන් 2.74ක වී නිෂ්පාදනයක්ද, යල කන්නයේදී සියයට 2.27ක වි නිෂ්පාදනයක්ද බලාපොරොත්තුවයි.
විශේෂයෙන්ම සැප්තැම්බර් මාසය වනවිට වාර්තා වන යල කන්නය සඳහා වී වපුරා තිබෙන ප්‍රදේශය අනුව වසර අවසන් වනවිට එම නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.27ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. එය පෙර වසරේ යල කන්නයේ වාර්තා වූ වී මෙට්‍රික් ටොන් 1.98ට සාපේක්ෂව සියයට 14.6ක වර්ධනයකි. එසේම මේ වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් මිලියන 2.74 පෙර වසරේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 2.72ට සාපේක්ෂව සියයට 0.9ක වර්ධනයකි.
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මේ වසරේ වී නිෂ්පාදනයේ සියයට 6.6 ක වර්ධන අපේක්ෂාවක්