IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිස්නස්වල කඩාවැටීමක් තමයි පෙන්නේ

ශෂිකා අබේරත්න


රාත්‍රී සැණකෙළියක සිරි ගන්වා ඇති අයුරින් විවිධ මාදිලියේ විදුලි බුබුළු අලවි කර‍න වෙළෙඳසල් පළමුවැනි හරස් වීදිය පටන් ගත් තැන සිටම අපට දැකගත හැකිය. ඒ වෙළෙඳසල් අතරින් අප ගොඩ වූයේ “ජෙම් ලයිට්” වෙළෙඳසල වෙතයි. මේ දිනවල වෙළෙදාමේ ස්වභාවය පිළිබදව මොහොමට් රිෆායි මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් නම් වෙනදට වැඩිය සාමාන්‍යයෙන් අඩුයි. නැත්තෙමත් නෑ. ඒත් ගිය අවුරුද්දට සාපේක්ෂව අඩුයි. දැන් ගෙවල්වලට ඕන ලයිට් ගෙනියන්න කොළඹට එන්නේ නැහැ. රටේ හැම තැන්වලම මේ විදිහේ ලයිට් අයිටම් තියෙනවා. දෙසැම්බර්, මැයි වගේ කාලවලට වෙනදට අපේ කඩවල සෙනග පිරිලා හොඳට බිස්නස් තියෙනවා. ඒත් දැන් එහෙම නැහැ. එන්න එන්නම බිස්නස්වල කඩාවැටීමක් තමයි පේන්නේ. අපිත් මොනවා කරගන්නද කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. දැන් සේවකයොත් දෙන්නෙක් වෙනකන් අඩු කරලා තියෙන්නේ. මොකද සේවකයෝ ගොඩක් තියාගෙන පඩි ගෙවන්න තරම් අපිට ආදායම් නැති නිසා.


Q: වෙළෙදාම අඩුවීමට බල පෑ හේතු මොනවාද?
මිනිස්සුන්ට භාණ්ඩ ලබා ගැනීමේ වුවමනාව තියනවා. හැබැයි ලබා ගන්න හැකියාවක් නෑ. ආර්ථික අපහසතාව තමයි ඒකට බලපාන්නේ. ඒ නිසා මේ බිස්නස් එක දැන් ටික ටික කඩා වැටීගෙන යන්නේ. ගොඩක් අය එනවා. ඒත් ගාන අහලා යනවා විතරයි. බඩු ගන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. අනික දැන් මේ පේමන්ට් එකේ තට්ටුවල පොඩි පොඩි ලයිට් අයිටම් ඕන තරම් විකුණන්න තියන නිසා ගොඩක් බඩු ගන්න අය ඒවායෙන් අරගෙන යනවා. කඩ ඇතුළට එන්නේ නැහැ. ඒකත් අපේ වෙළෙදාම් අඩු වෙන්න ලොකු හේතුවක්. සමහර විට සමහර පාරිභෝගිකයෝ හිතනවා ඇති කඩවල් ඇතුලේ ලොකුවට ලයිට් දාලා එහෙම තියනකොට කඩ ඇතුළේ බඩු ගිනි ගණන් කියලා. එහෙත් පාරිභෝගිකයන්ට ඕන විදිහේ ඩිසයින් අතේ තියන ගාණට අපෙන් ගන්න පුළුවන්.


ඡායාරූපය : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස්වල කඩාවැටීමක් තමයි පෙන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site