IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් සාමාන්‍ය විදියට ති​ෙයනවා

කොලොන්නාව අංජු ෆැෂන්හි අලෙවිකරු 
කේ. බී. ශෙහාන්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අප පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, බොරැල්ල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ කොලොන්නාව නගරය වෙතය. කොලොන්නාව නගර මධ්‍යයේ පිහිටි ඇඳුම් අලෙවිසැලක් වූ අංජු ෆැෂන් වෙත අපි ගොඩ වූයෙමු. එහි අලෙවිකරුවකු වූ කේ. බී ශෙහාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස්  කොහොමද?

මේ වෙෙළඳසැල ආරම්භ කරලා දැනට මාස 7 ක් වගේ පොඩි කාලයක් වෙන්නේ. සේවකයෝ 5 ක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් සාමාන්‍ය විදියට තියනවා. සිංහල අවුරුද්දට බිස්නස් තිබ්බා. අවුරුද්දෙන් පස්සේ අඩු වුණා. ආයෙත් හජ්ජි උත්සවයට බිස්නස් ටිකක් තිබ්බා. 

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න හේතු කීපයක්ම බලපානවා. එකක් තමයි මිනිසුන්ට සල්ලි නෑ. අවුරුදු කාලේ එහෙම වියදම් වැඩි නිසා මේ වෙද්දි මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. ඒ නිසා අත්‍යවශ්‍ය  දේවල් මිලදී ගන්නවා ඇරෙන්න රෙදිපිළි වගේ දේවල් වලට වියදම් කරන්නේ නෑ. අනිත් හේතුව තමයි රෙදි මිල වැඩිවීමත් බිස්නස් අඩු වෙන්න බලපානවා. තවත් හේතුවක් තමයි නමගිය ලොකු ලොකු රෙදි කඩවල් නිසා මේ වගේ වෙළෙඳසල් වලට බිස්නස් අඩු වෙනවා. ගොඩක් පාරිභෝගිකයෝ නමගිය කඩවල් වලට තමයි යන්නේ. ඕක තමයි අද බිස්නස්වල තත්වය. කාෙලන් කාලේට බිස්නස් අඩු වෙනවා වැඩි වෙනවා ඒක සාමාන්‍යයි.

ශෂිකා අබේරත්න
ඡායාරූප
සුමුදු හේවාපතිරණ

 

 

 



අදහස් (0)

බිස්නස් සාමාන්‍ය විදියට ති​ෙයනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site