IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ හිමිකරු ආර්.ජෙයරාජ්

පිටකොටුවේ මඳක් දුරින් පිහිටා තිබෙන චීන වීදිය සුවිශේෂි වන්නේ උත්සව සඳහා අවශ්‍ය කරන සැරසිලි සඳහා වූ භාණ්ඩ සඳහා ය. අනෙක් වීදිවල මෙන් චීන වීදියේ ජනාකීර්ණ බවක් දක්නට නැත. 

ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙසේද යන්නත් මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනය වෙත ය. අපි වෙළෙදසැට ගොඩවන අවස්ථාවේ ආයතනයේ සිටි පිරිස එක්ව බිස්නස් සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටිය ද අනෙකුත් වීදිවල මෙන් කඩිමුඩියේ බිස්නස් එකක් කරගැනීමට පොරකන දසුනක් දක්නට ලැබුණේ නැත.

එහිදී චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ ආර්.ජෙයරාජ් මහතා මේ දවස්වල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් හොඳටම හොඳයි කියලා හරි බිස්නස් අඩුයි කියලා හරි කියන්න බෑ. බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි මේ දවස්වල තියෙන්නේ. එළඹෙන රාමසාන් සහ සිංහල අලු‍ත් අවුරුදු සීසන් එකත් එක්ක බිස්නස් වැඩිවෙයි කියලා විශ්වාසයකින් ඉන්නවා.


 Q: බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
අපි ප්‍රධාන වශයෙන් පාවහන් සහ කාන්තා බෑග් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙළෙඳපොළට සැපයීම තමයි කරන්නේ. ‍තොග සහ සිල්ලර කියන ක්‍රම දෙක යටතේම වෙළෙඳාම් කරනවා. ඒ අතරින් තොඟ වෙළෙඳාම තමයි වැඩිපුර කරන්නේ. අමුද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. අමුද්‍රව්‍ය චීනයෙන් තමා ආනයනය කරන්නේ. වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ගේ වුවමනාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනෑවටත් වඩා තියෙනවා. අමුද්‍රව්‍යවල මිලේ නම් ලොකු අඩුවක් වෙලා නෑ. සීසන් එකේදීත් අමුද්‍රව්‍යවල මිලේ අඩු වැඩි වීම ගැන නිශ්චිතව ප්‍රකාශයක් කරන්න අමාරුයි.
මේ වෙද්දී පාරිභෝගිකයන් පුරුදුවෙලා ඉන්නේ වෙළෙඳපොළෙන් කෙළින්ම ගිහින් නිමවුමක් ලබා ගන්න. බොහෝ වෙළෙන්දන් අමුද්‍රව්‍ය අරගෙන භාණ්ඩ හදනවාටත් වඩා සම්පූර්ණයෙන්ම නිමවුණු භාණ්ඩයක් අරගෙන බිස්නස් කරන්න යොමු වෙලා ඉන්නේ. එහෙත් තවමත් අපෙන් අමුද්‍රව්‍ය අරගෙන ගිහින් බොහෝ පළාත්වල පාවහන් සහ කාන්තා බෑග් නිෂ්පාදනය කරන වෙළෙඳ ව්‍යාපාරිකයන් කොටසක් ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී කුඩා පරිමාණයේ බිස්නස් කරන පිරිසකුත් අලු‍තෙන් එකතු වෙලා ඉන්නවා. එනිසා පාවහන් සහ බෑග් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සැපයීමේ වෙළෙඳාම් සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ වෙළෙඳ ආයතනයේ මේ වෙද්දී සේවකයෝ අටදෙනෙක් වැඩ කරනවා. එළඹෙන උත්සව සමයත් එක්ක බිස්නස්වල වර්ධනයක් සිදුවෙයි කියන අපේක්ෂාවෙන් මේ වෙද්දී වෙළෙඳපොළට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙනත් තියෙන්නේ.

මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ හිමිකරු ආර්.ජෙයරාජ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site