කොළඹ බ්‍රිස්ටල් ටේලර්ස් ආයතනයේ ප්‍රධානි චාන්දන විජේසේකර ආසියාවේ ප්‍රධාන පෙළේ ටේලර්වරුන්ගේ ෆෙඩරේෂණයේ ‘රන් කතුරු’ සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රි ලංකාවේ දී හා ආසියාවේ දී එම කර්මාන්තයට දැක්වන දායකත්වයෙන් කලාතුරකින් පිරිනැමෙන මෙම සම්මානය ඔහුට හිමි විය.
පාරිභෝගිකයාට ගැලපෙන පරිදි විශිෂ්ට නිමාවකින් යුතුව ඇදුම් මැසිමේ යෙදෙන ආසියාවේ ප්‍රධාන පෙළේ ඇදුම් මහන්නන්ගේ ඩෛරේෂණය තායිලන්තයේ දී ඔවුන්ගේ 26 වැනි සමුළුව දින පහක් පුරා පැවැත්විය. ශ්‍රී ලංකාවේ බ්‍රිස්ටල් ටේලර්ස් ආයතනය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන පිළිගත් හා පළපුරුද්දක් ඇති එම කර්මාන්තයේ ප්‍රමුඛයෙකි.
ආසියා සාමාජිකත්වය 1998 දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ටේලර්වරුන්ගේ සංගමයට ලබා ගැනීමට විජේසේකර මුල් විය. එතැන් පටන් ශ්‍රී ලංකා සාමාජිකයෝ ආසියා ෆෙඩරේෂණයේ වාර්ෂික සමුළුවට සහභාගී වී දැනුම බෙදා හදා ගනිති.
ලොව ප්‍රධාන ටේලර්වරුන්ගේ සංවිධානයේ සාමාජිකත්වය 2013 දී ලංකාවට හිමිකර ගැනීමට ද විජේසේකර සමත්විය. ඔහු ෆෙඩරේෂණයේ වාර්ෂික මැහුම් තරග විනිශ්චකරුවෙක් ද වෙයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සන්නාලි පාඨමාලාව හදාරන සිසුනට ද ඔහු දේශන පවත්වයි.
තායිලන්තයේ උබෝන් නුවර සුනී ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති එම සමුළුවට ශ්‍රි ලංකාවේ විජේසේකරට අමතරව සංගමයේ සභාපති ලක්ෂමන් ගුරුගේ (දළුගම පෙටා ටේලර්ස්) භාණ්ඩාගාරික තීක්ෂණ උඩගෙදර ද (මහනුවර ලින්ටන් ටේලර්ස් ) සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර'
විමල් Monday, 08 August 2016 10:02 AM
ඔබ සමග කතා කරන්න කැමතියි 0114641942 (බ)
ප්‍රසන්න Friday, 05 August 2016 06:09 AM
අපේ උණුසුම් සුබ පැතුම් (ම)
කැනඩා දිසා Saturday, 06 August 2016 12:41 AM
මම ආනන්දේ අයෙක්. ඔබට මගේ සුබ පැතුම්! (නි)