
හොටෙල් සීගිරියේදී දේශීය ප්‍රජාව වෙත මී මැසි පෙට්ටි පිරිනැමූ අවස්ථාව.
මී මැස්සන් ස්වභාවධර්මයේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන්, පරාග වාහකයන් මෙන්ම ජෛව විවිධත්වයේ රැකවල්කරුවන් ලෙසත් හැඳින්විය හැකිවේ. ඔවුන්ගේ ජනපද පරිසර පද්ධතිවල පැවැත්මේ අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටුකරමින්, සහයෝගීතාවේ සහ අරමුණෙහි සියුම් සමතුලිතතාව මූර්තිමත් කරයි. ඖෂධීය සහ පෝෂණ අගය මුල් කරගත් ශ්‍රී ලංකාවේ වන ආශ්‍රීත මී පැණි අස්වනු නෙළීමේ සම්ප්රදාය පරම්පරා ගණනාවක් තිස්සේ පැවතුනි.
දේශීය ගොවීන් පරිසරය සුරැකීම හා ඔවුන්ගේ ජීවිකාව වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් බොහෝ කලක් තිස්සේ මී මැසි පාලනයේ නිරතව සිටී.
මෙම සහජීවන සබඳතාව මත ගොඩනැගෙමින් බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටි සිය සංචාරක හෝටල් පරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් තිරසර මී පැණි ගොවිපොළ ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ජාලයට අයත් හොටෙල් සීගිරිය, සීගිරියේ ආයුගිරි ආයුර්වේද සුවතා නිකේතනය සහ දඹුල්ලේ ඔක්සිඩෙන්ටල් පැරඩයිස් යන පරිශ්‍ර මෙම ව්‍යාපෘතියට දායක වෙයි.
කෘෂිකර්ම උපදේශක සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (මධ්‍යම පළාත) මී මැසි පාලන විෂය බාර නිලධාරි එස්.ජේ.කේ. කුලසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙන් ජෛව විවිධත්වය සුරැකීම, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම සංචාරකයන් වෙත පිරිනමන අත්දැකීම් වැඩිදියුණුකිරීමටද අපේක්ෂා කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ දේශීය ප්‍රජාව එක්රැස් කිරීමෙන් සහ හෝටල් කාර්ය මණ්ඩල හා ඒවායේ නිවැසි අමුත්තන් සඳහා දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමෙනි. මෙම සැසි සැලසුම් කෙරුණේ තිරසර මීමැසි පාලන පිළිවෙත් පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ මී මැස්සන්ගේ පරිසර පද්ධතිවලට සහයවීමේ භූමිකාව ඉස්මතු කෙරෙන ආකාරයෙනි. නොවැම්බර් මාසය වන විට මී මැසි පෙට්ටි සහ ජනපද ව්‍යාපෘතියට සහභාගී වන ප්‍රජා සාමාජිකයන් සහ හෝටල් පරිශ්‍ර වෙත බෙදා දුන් අතර, එමඟින් සාර්ථක මී මැසි වගා ව්‍යාපෘතියක ආරම්භය සනිටුහන් කෙරිණ. බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් නිරන්තර වැඩමුළු පැවැත්වීමෙන් සහ අධීක්ෂණයෙන් ව්‍යාපෘතියට අඛණ්ඩව සහය දක්වන අතර මී මැස්සන්ගේ තත්වය සහ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහතික කිරීමට කටයුතු කරයි.
සංචාරක හෝටල් සහ දේශීය ප්‍රජාව අතර මෙම සහයෝගීතාව පාරිසරික තිරසාරත්වය පෝෂණය කරනවා පමණක් නොව ඊට සහභාගිවන්නන් සඳහා නව ආදායම් මාර්ගද නිර්මාණය කරයි. මෙම මී මැසි ජනපදවලින් නිපදවන මීපැණි මිලදී ගැනීමට බ්‍රවුන්ස් හෝටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ප්‍රතිඥා දී ඇති අතර, එමඟින් දේශීය ප්‍රජාවට ස්ථාවර, විශ්වසනීය ආදයම් මාර්ගයක් සපයයි.
මී පැණි දැන් හෝටල්වල ආගන්තුක සත්කාර පිරිනැමීම්වලට අසීමිතව සම්බන්ධ වී ඇත්තේ එහි ස්වභාවික නුමුහුම නිසාවෙනි. සංචාරක හෝටල් වල ආහාර පාන රසගැන්විමට මෙන්ම සුවතා ප්‍රතිකාර සඳහා ද මී පැණි දැන් බහුලව යොදාගැනේ. එමගින් සංචාරකයන්ට විශිෂ්ට ස්වාභාවික නිෂ්පාදනයක් රසවිඳීමට හැකිවනවා පමණක් නොව තිරසාර ප්රයත්න සමඟ සම්බන්ධවී එය හදවතින් විඳගැනීමේ අත්දැකීමක් හිමිවේ.
බ්‍රවුන්ස් හෝටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් දියත් කළ තිරසර මී පැණි ගොවිපොළ ව්‍යාපෘතිය ප්‍රජාව ශක්තිමත් කරන, පරිසර පද්ධති සුරකින සහ ශ්‍රී ලංකාවේ තිරසර සත්කාරකත්වයට නව අරුතක් එක්කරන වැදගත් ඉදිරි පියවරකි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රවුන්ස් හොටෙල්ස් වෙතින් මී පැණි ගොවිපොළ ව්‍යාපෘතියක්