භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ කොටස් 140,623,654ක් මිලදී ගැනීමට පියවර ගත් බව පවසයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.16කි. පසුගිය මාර්තු 20 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහිදී එක් කොටසක් රුපියල් 12.30ක් බැගින් මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙහි වටිනාකම රුපියල් බිලියන 1.7 ක් (රුපියල් 1,729,670,944ක්) ලෙස සටහන්ව තිබේ.
මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාව වනවිටත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම මගින් සියෙරා කේබල්ස් පීඑල්සීහි කොටස් 163,580,768ක් එනම් සියයට 30.43ක ප්‍රතිශතයක් මිලදී ගෙන තිබුණි.
ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ අයිකොනික් ට්‍රස්ට් පෞද්ගලික සමාගම සතු සියෙරා කේබල්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය 304,204,422ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සියෙරා කේබල්ස්හි අයිතිය ඉහළ නංවා ගනී