භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ කොටස් 140,623,654ක් මිලදී ගැනීමට පියවර ගත් බව පවසයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.16කි. පසුගිය මාර්තු 20 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහිදී එක් කොටසක් රුපියල් 12.30ක් බැගින් මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙහි වටිනාකම රුපියල් බිලියන 1.7 ක් (රුපියල් 1,729,670,944ක්) ලෙස සටහන්ව තිබේ.
මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාව වනවිටත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම මගින් සියෙරා කේබල්ස් පීඑල්සීහි කොටස් 163,580,768ක් එනම් සියයට 30.43ක ප්‍රතිශතයක් මිලදී ගෙන තිබුණි.
ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ අයිකොනික් ට්‍රස්ට් පෞද්ගලික සමාගම සතු සියෙරා කේබල්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය 304,204,422ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd