
භානුක අමරසිංහ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී යළිත් ඉහළ යාම සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 76.59ක් දක්වාද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 75.13ක් දක්වාත් ඉහළ නැග තිබේ.
විශේෂයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් නිසා මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන ආතති තත්වය නිසා සැපයුම් වෙත එල්ල වන බලපෑම බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමට හේතුවකි. මෙම යුද ගැටුම් ආරම්භ වීමට පෙර දිනයේ එනම් 12 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරයක් ඩොලර් 68.56ක් ලෙසත්, WTI බැරලයක් ඩොලර් 66.77ක් ලෙස පැවතුණි. එහෙත් 13 වැනිදා එය එක්වරම ඩොලර් 75ක් ඉක්මවා යළිත් පහළ වැටුණි. එම අගය ජනවාරියෙන් පසු වාර්තා වූ ඉහළම අගය විය.
කෙසේ වෙතත් ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වීමට තීරණය කිරීමත්, බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එකිනෙක ගැටීමත් සමගින් ඇති වූ නෞකා ගිනි ගැනීම්ද තත්වය යළිත් දරුණු කර තිබේ. මෙම හොර්මුස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග බොරතෙල් අපනයනයේ ප්‍රධානතම මාර්ගයක් වන අතර, ඒ හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කෙරෙන බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් පවතින ගැටුම් නිසා බොරතෙල් නෞකා එම කලාපය හරහා යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කරන බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බොරතෙල් බැරලය යළිත් ඩොලර් 75 පනී