භානුක අමරසිංහ
කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපොළක් ලෙස යළි හඳුන්වාදෙමින් නැවත වරක් Cinnamon Air  ගුවන් යානා වෙත එහි මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වෙයි. 
එම අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා Cinnamon Air අයත් Saffron Aviation (Pvt) Ltd සහ ජෝන් කීල්ස් සමූහය යන සමාගම්වල නියෝජිතයන් සහභාගි වී තිබේ. එසේම ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මීට සහභාගි වී ඇත.
අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන “Cinnamon Air” සමාගම, ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමකි. එම සමාගම සතුව සෙස්නා මාදිලියේ ගුවන් යානා තුනක් පවතින අතර, ඉන් දෙකක් ජලයේද ගොඩබැස්විය හැකි ඒවා වෙයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1934										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා
ගුණරත්න Monday, 07 July 2025 04:04 PM
රෝදය නැවත සොයාගන්නේ කෙසේද කියන පාඩම තමයි මේ ආණ්ඩුව මේ කාලේ ඉගෙනගන්නේ!