IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බයිරහා ෆාම්ස් වෙතින් කොටස් අතුරු බෙදීමක්

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව ඉහළ නංවාගැනීමට සූදානමින් සිටින බව පවසයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සමාගමේ සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් අලු‍ත් කොටස් පහක් ලෙස මෙම කොටස් අතුරු බෙදීම සිදු කරයි. සමාගමට අනුව මෙතෙක් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 17,600,000 කි. මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම එය කොටස් 88,000,000 ක් බවට පත්වෙයි. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ වර්තමාන ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් 536,305,197 වෙත කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම සඳහන් කරයි. එසේම මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් පවසයි. 



අදහස් (0)

බයිරහා ෆාම්ස් වෙතින් කොටස් අතුරු බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site