(විනීතා එම් ගමගේ)
සංචාරක ව්‍යාපාරයේ සියයට 12 ක වර්ධනයක් තියෙන බව ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කළත් බෙන්තර සහ ගෝල්ඩන් මයිල් සංචාරක පුරවරයේ ප‍්‍රධාන හෝටල් 14 න් හතක් මේ වන විට වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
ආණ්ඩුව සියයට 12 ක වර්ධනය කියන්නේ පැමිණි සංචාරකයින් ගණන අනුව යැයි කී නිශාන්ත මහතා එයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් සංචාරක වීසා මත පැමිණි නමුත් ඔවුන් සංචාරක වීසා මත පැමිණෙන්නේ කම්කරුවන් ලෙස වැඩ කරන්නට යැයි ද කීය.
රොටි කාලා ප්ලේන්ටි බොන සංචාරකයින් ගේන්නේ නැතැයි රනිල් මහතා කියු බවත් යුරෝ ඩොලර් අතපත ගාන සංචාරකින් පමණක් ගෙන්වන බවත් කියමින් කර ඇත්තේ මෙවැනි කටයුතු යැයි කියා සිටියේය.
බෙන්තර හා ගෝල්ඩන් මයිල් සංචාරක කලාපවල හෝටල් කාමර 500 ක් මේ වනවිට වැසී තිබීමෙන් රුපියල් ඩොලර් බිලියන 2.7ක පාඩුවක් සිදුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
පියල් නිශාන්ත මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ යන්නනේ ඔවූන් කැමති තැන්වලට. බෙන්තර දැන් ඔවූන්ට අවශ්‍ය දේ නැතුව ඇති.
මොකද දැන් එන සංචාරකයන් තමන්ගේ කෑම බීම සහ ගමන් වියදම් පුළුවන් තරම අඩුවෙන් කරගන්න බලන්නේ. ඕකට වග කියන්න ඔනත ඔය සමහරක් හෝටල් සහ සංචාරකයන් බිලිගන්නා අය....... හොඳට මතක තියාගන්න අපි කොහේ හරි රටක ගිහින් අපිට අපහසුවක්, එහෙම නැත්නම් වංචාකාරී දෙයක් වුනොත් අපි කට වහගෙන එනවා.
මේ කියන්නෙම මෝඩ කතාවක්. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය ඉන්දියානුවන් වීම ඇරඹුනේ වසර 5කට විතර පෙර සිට. මහජන නියෝජිතයෙකු ලෙස සංචාරක වීසා මත ඇවිල්ලා යමෙක් රැකියා කරනවා කියලා දන්නවා නම් කරන්න ඕන අපිට ඒක කියන එක නෙවෙයි ඒ ගැන නීතිමය පියවර ගැනීමට අදාළ ආයතන දැනුවත් කරන එක. ඒකටයි ඔවුන්ට බලය දීලා තියෙන්නේ. අනෙක් අතට එයාගේ පැත්තේ යම් හෝටල් ගණනක් වැහිච්ච එක ඒ ප්‍රදේශයේ ප්‍රශ්නයක් මිසක් රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නයක් නෙවෙයි. හෝටලයක කාමර විකුණන එක නෙවෙයි සංචාරක කර්මාන්තය කියන්නේ. මේ පාඩුව කියලා ගණනය කරලා තියෙන්නේ හිතළුවක්. ලංකාවේ කිසිදු සංචාරක හෝටලයක වසර පුරාම සියලුම කාමර පිරී පවතින්නේ නෑ.
කවුරු මොනවා කීවත් ලංකාවට දැනට පැමිණෙන්නේ ඉතාම අඩු අදායමක් ලබන සංචාරකයන් වගේම ඔවුන් හෝටල් වල නවතින්නේ නැතිව පුද්ගලික නිවාස සහ කුඩා නවතන් වල සිට ඉතාම අඩුවෙන් කල බීල බස් එකකේ දුම්රියේ ගිහින් ආපසු යනවා. හෝටල් වල නැවතීම තව දුරටත් ලඟදිම් අඩු වෙනවා
ඇත්ත තත්වය නම් ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයින් ආදායම් තත්වය පහල අයයි. හෝටල් හිමියන් හෝටල් ගාස්තු අඩු කලොත් ඔය කියන සංචාරකයින් හෝටල් වලට එයි.
යන්න ත්‍රිකුණාමලය පැත්තට. ඔය සංචාරකයෝ නෑ කියන කතා අමූලික බොරු බව පෙනේවි. පරණ තැන් වලට වඩා අලුත් තැන් වලටයි කට්ටිය යන්නේ
බෙන්තර කුඩු මත්ද්‍රව්‍ය අඩුවෙනකොට, සංචාරකයොත් අඩුවෙනවා. පුදුමවෙන්න එපා ..!
ලංකාවට එන ලාංකික සම්භවයක් සහිත විදේශීය පුරවැසිභාවය ලැබුවනුත් ගණන් ගැනෙන්නේ සංචාරකයන් හැටියටයි. ඉස්සර එහෙම අය හිටියේ අඩුවෙන්. ඔවුනුත් ලංකාවට ආවේ කලාතුරකින් . දැන් ඒ තත්වය වෙනස් වෙලා. ඉස්සර කස්ටම් එකේ විදේශීය පාස්පෝට් පෝලිමේ බොහෝ වෙලාවට ලාංකිකයෝ කව්රුවත් දකින්න නැතිවා වාගේම කලාතුරකින් එන (ලාංකික) විදේශීය පුරවැසියන්ගේ කිසිවක්ම පරීක්ෂා කලේ නැහැ. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා