(එෆ්.අස්ලම්)
තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම් හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා 79 ක් අතරින් 28 ක් ම මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් එක්සත් වතු කම්කරු සංගමයේ මහ ලේකම් ඒ.මුත්තුලිංගම් මහතා පැවසීය.
රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ තේ කර්මාන්තය 1992 වසරේදී පෞද්ගලීකරණය කිරීමත් 2004 වසරේ පෞද්ගලික පාර්ශවයන් හට වසර 50ක කාලයක් බදු දීමත් මත වතු කර්මාන්තයේ දැවැන්ත පරිහානියක් සිදුව තිබෙන බවද හෙතෙම කීය.
වතු පාලනය අතට ගත් හාම්පුතුන් වතු කම්කරුවන්ගේ සුබ සාධන හා ආර්ථික තත්වය කෙරෙහි නොසැලකිල්ලක් දැක්වීමත් වතුකම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවීමත් මේ හේතුවෙන් වතුකම්කරුවන් වතු සේවයෙන් ඈත් වීමත් යන කාරණාවන් මත තේ කර්මාන්තය පිරිහෙමින් පවතින බවද හෙතෙම කීය.
තේ නිෂ්පාදනයේ විශාල ප්‍රගතියක් දැක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ චෙල්සිවත්ත, කලංවත්ත, ක්වින්ස්ටවුන්, ඩැමේරියා, ගූගලෑන්, ලෙජර්වත්ත, නෙළුව, වෝර්ක්වෙල්, පිංඅරාව, සෙන්ජේමිස්, උඩවේරිය වැනි ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලා වැසී ගොස් තිබෙන බවද මුත්තුලිංගම් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් දැනට නිෂ්පාදන සිදුවන තේ කර්මාන්තශාලා වෙත තේ දලු ගෙන යාමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තේ රබර් පොල් වගාවන් තුනේම අවසානයේ, ආරම්භය 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ 'රන් පවුම් වතු' රජයට පවරා ගැනීම කියන එක නොදන්නා සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි .
ඹුත්තුලිංගම් මහතා පොදු ජනතාවගේ විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ සුභ සාධන වැඩ ගැන දීරග කාලයක් වැඩ කළ කෙනෙක් ලෙස පවසන මෙම පුවත නිවරදිය. මේ තේ වතු ටික රැක ගන්න රජය විසින් මොන යම් දෙයක් හෝ කල යුතුය.
අපේ රටේ නිර්ලජ්ජිත දේශපාලන මහිමය ඉතා හොදින් විදහා දැක්වෙන කාරණයක්.
2020 වසරෙදී කම්කරුවන් ආනයනය කරන්න වෙනවා.
සෑම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පරමාර්ථය වුයේ, යටත් විජිත සමයේ සුද්දන් විසින් මුඩුඉඩම් පනත යටතේ සිංහල ගම් වැසියන්ගෙන් බලෙන් උදුරාගත් ඉඩම්, නැවත ජනසතු කිරීමයි. යටත් විජිත සමයේ සුද්දන් විසින් ඉන්දියානු කුලී කරුවන් ඉතා අඩු මුදලකට සේවයේ යෙදු අතර, ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි යටත් විජිත වල තේ සඳහා ඔවුන්ගේ තිබු වෙළඳ ඒකාධිකාරිය හරහා ඔවුන් හට විශාල ලාභයක් ලැබුණි. අද අපට එවැනි ඒකාධිකාරියක් නොමැති අතර, අපේ තේ විකිණීම සඳහා ඉන්දියාව, අප්‍රිකාව, චීනය වැනි රටවල් සමග තරග කිරීමට සිදුවී ඇත. මෙවැනි තත්වයක් යටතේ සේවකයන්ගේ වැටුප් තවත් වැඩි කළොත් සිදුවන්නේ පිරිවැය වැඩි වීම නිසා තව තවත් කම්හල් වැසී යාම පමණි.