IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බදු නොගෙවා විද්‍යුත් උපකරණ ආනයනයෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක්

භානුක අමරසිංහ
සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳ පොළ අසමතුලිතතාවක් මෙන්ම රජයේ බදු ආදායමේ අහිමිවීමක්ද සිදුව තිබෙන බව විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවෝ සඳහන් කරති.
ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් වූ පූර්ව අයවැය සාකච්ඡාවකදී එම ආනයනකරුවෝ මෙම කරුණු පවසා තිබේ. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වී ඇත.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආනයනකරුවෝ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ආනයනය කෙරෙන විද්‍යුත් උපකරණවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවත් පෙන්වා දී තිබේ. එසේම මින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත්, පාරිභෝගිකයින්ට භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු‍ මතුව ඇති බවත් සඳහන් කර තිබේ. ඒ අනුව මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.
මීට පිළිතුරු ලබාදී ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරිම සදහා අවශ්‍ය නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පවසා තිබේ.



අදහස් (0)

බදු නොගෙවා විද්‍යුත් උපකරණ ආනයනයෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site