IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බෝග අපනයන ආදායම ඉහළ නැංවීමේ ඉලක්කයක්

(මොහොමඩ් ආසික්
 
අපනයන කෘෂිකර්ම බෝග අපනයනයෙන්   2017  වනවිට ලැබුණ  ආදායම 2020 වන විට සියයට සියයකින්  ඉහළ නැංවීමේ ඉලක්කයක් තම දෙපාර්තමේන්තුවට ඇති බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සියලු දෙනා කැපවීමෙන් කැඩ කරන බවත් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී .  හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය.
 
අද ( 02)  වැනිදා පේරාදෙණියේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම  අධ්‍යක්ෂ ජනරාල්වරයා ,
 
‘‘2017 වසරේදී සමස්තයක් වශයෙන් අපනයන කෘෂි  බෝග මෙට්‍රික් ටොන් 61,000 ක් අපනයනය කර ඇති බවත් එයින් මෙට්‍රික් ටොන් 16,000  ක්ම කුරුඳු බවත් කීය. ඒ වගේම අපනයනය ඉලක්ක කර 1972 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිට වූ වසරේ දී රුපියල් මිලිනය 48 ක ආදායමක් ලැබූ නමුත් 2017 වසර වන විට එය  රුපියල් මිලියන 71,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා  කීය. 
 
එය ඇමරිකානු ඩොලර් මිලියන 460 ක් බවත් එම ප්‍රමාණය 2020 වන විට සියයට සියයකින්  එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1000 දක්වා ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් කීය.  
 
කරුදු අපනයනය මගින් මුළු අපනයන ආදායමෙන් අඩකට ආසන්න ආදායමක් ලබා ගෙන ඇති බවත් මුළු අපනයන ප්‍රමාණයෙන්  වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් ඒ මහතා කීය. එනම් 2017 වසරේ  මුළු අපනයන ආදායම  වන රුපියල් මිලියන 71,000 න් රුපියල් මිලියන 30,000 ක්ම කුරුඳුවලින් ලබා ගෙන ඇති බවත් කරුඳු මෙට්‍රික් ටොන් 16,000 ක් 2017 වසරේ අපනයනය කර ඇති බවත් ඒ මහතා කීය.
 
ගම්මිරිස් ඇතුළු  මේ වන විට මිළ අඩුව ඇති බෝගවලට සාධාරණ මිළක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවත් ඒ මහතා කීය. 



අදහස් (3)

බෝග අපනයන ආදායම ඉහළ නැංවීමේ ඉලක්කයක්

Perakum Saturday, 03 February 2018 02:26 AM

එ්ක නම් හොඳ අදහසක්. අර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් ගොඩනැගිල්ලට ගෙවන කුලිය මේකෙන්වත් හොයාගන්න බලමු...!

:       0       95

kalpa Sunday, 04 February 2018 12:32 AM

වල්ලපට්ට ශාකය ඉතා වටින බව පෙනෙනවා ඉන් ඉක්මන් අදායමක් ගන්න නොහැකි වේවි මේ දෙපාර්තමේන්තුව වල්ලපට්ට ශාකයත් වවන්න දිරි ගැන්නුවොත් කලකදී ඉහලම අපනයන අදායමක් ලැබේවි

:       0       73

Observer Saturday, 10 February 2018 04:05 AM

රට යවනවා නම් අපේ රටේ ගස් යට වැටෙන කොස්, දෙල් ටිකත් ඇති රටක් දියුණු කරන්න. එ්ත් අපේ ලංකාවේ කම්මැලි නායකයෝ ටික මෙහෙම ඉන්න තාක්කල් රටට ගොඩයාමක් නම් නැති බව පේනවා. රාජතාන්ත්‍රික මට්ටමෙන් යුහුසුළුව සාකච්ඡා කොට අපේ ගම්වල දුක් විඳින ජනතාවට කියක් හරි හොයාගන්න උපකාර කිරීමට හා රටට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගැනීමට වගකිව යුත්තන්ගේ මොළය පෑදේවා කියලා අපි ප්‍රර්ථනා කරන්නෙමු.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site