ශ්රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි 23 වැනි සහතික ප්‍රදානෝත්සවය අද (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 3.00 සිට පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම උළෙලට සහභාගී වීමට නියමිත අතර භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත ය.
මෙහිදී බැංකුකරුවන්ගේ ආයතනය මඟින් පවත්වන ලද අධ්‍යයන පාඨමාලාවන් සම්පූර්ණ කළ සිසුන් 800ක් පමණ තම ඩිප්ලෝමා , පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ආශ්‍රිත සාමාජිකත්වය සහ සම්මාන සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd