IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළට මහජන බැංකුව එක්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දියත් කර ඇති බස් මගීන්ට විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේ ව්‍යාපෘතිය සමග මහජන බැංකුව එක්වේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර, ඒ තුළින් මුදල් භාවිතයෙන් තොරව, බැංකු කාඩ්පතින් ප්‍රවාහන ගාස්තු ගෙවිම් අවස්ථාව හිමිවේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන පසුගියදා දියත් කෙරුණු අතර, මෙම මුලපිරීම රටේ ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීමේ සුවිශේෂ පියවරක් ඔහු එහිදි පැවසිය. මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ද සහභාගි විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය උපදේශකත්වය ලබාදෙන මෙම වැඩපිළිවෙළෙන් මුදල් භාවිතයෙන් තොර ගෙවීම් වඩාත් දිරිමත් කෙරේ. මෙරට ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 
මෙය දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන අතර, ඉදිරියේ දි සාර්ථකව ක්‍රියාත්මක වීම සහ මගී ප්‍රතිචාර මත බහුවිධ ප්‍රවාහන ක්‍රම හරහා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. බාධාවකින් තොර, ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගෙවීම් ක්‍රම සක්‍රීය කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිය ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට දායක වීම මහජන බැංකුවේ අරමුණයි.



අදහස් (0)

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළට මහජන බැංකුව එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site