
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දියත් කර ඇති බස් මගීන්ට විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේ ව්‍යාපෘතිය සමග මහජන බැංකුව එක්වේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර, ඒ තුළින් මුදල් භාවිතයෙන් තොරව, බැංකු කාඩ්පතින් ප්‍රවාහන ගාස්තු ගෙවිම් අවස්ථාව හිමිවේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන පසුගියදා දියත් කෙරුණු අතර, මෙම මුලපිරීම රටේ ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීමේ සුවිශේෂ පියවරක් ඔහු එහිදි පැවසිය. මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ද සහභාගි විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය උපදේශකත්වය ලබාදෙන මෙම වැඩපිළිවෙළෙන් මුදල් භාවිතයෙන් තොර ගෙවීම් වඩාත් දිරිමත් කෙරේ. මෙරට ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙය දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන අතර, ඉදිරියේ දි සාර්ථකව ක්‍රියාත්මක වීම සහ මගී ප්‍රතිචාර මත බහුවිධ ප්‍රවාහන ක්‍රම හරහා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. බාධාවකින් තොර, ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගෙවීම් ක්‍රම සක්‍රීය කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිය ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට දායක වීම මහජන බැංකුවේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd