IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පළමු මාස පහට ඩොලර් බිලියන 6.93 ක අපනයන ආදායමක්

2024 වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 7.14 ක වර්ධනයක්
පළමු මාස පහේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.බි. 5.34 ක්
පොල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 26.89 ක හා කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන සියයට 53.76 ක වර්ධනයක්
ඩො.බි.1.58 ක සමස්ත සේවා අපනයන ආදායමක්
මෙම වසරේ ඩො.බි.18 ක අපනයන ආදායමක් උපාය ගැනීම ඉලක්කයයි. 
ඉලක්කයට යන්න ඉතිරි මාස 7 දී තවත් ඩො.බි.11.1 ක උපයන්න ඕනෑ


විමුක්ති එස් රුද්‍රිගු


අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ

මෙම වසරේ පළමු මාස 5 තුළ මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.93 ක් බවත් එය 2024 වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 7.14 ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ පළමු මාස 5 තුළදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.47 ක්වූ බව එම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය මැයි මාසයේ මෙරට වෙළෙඳ භාණ්ඩ හා සේවා අංශයේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38 ක් ලෙස සටහන් වූවේය. එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 6.35 ක වර්ධනයක් විය. පසුගිය වසරේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හා සේවා අංශයේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.30 ක් වූවේය.
මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමටත්, තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයේ ධනාත්මක බලපෑම අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයෙන් පිළිබිඹු වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙම වසරේ මැයි මාසයේදී පමණක් මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.02 ක් ලෙස සටහන් වන අතර එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 1.70 ක වර්ධනයකි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායමද ඇතුළත් වේ
පසුගිය වසරේ මැයි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.01 ක් විය.
එසේම මෙම වසරේ පළමු මාස 5 තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.34 ක් ලෙස සටහන් වන අතර එය 2024 වසරේ පළමු මාස 5 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.06 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 5.46 ක වර්ධනයකි.
2025 වසරේ පළමු මාස 5 තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන අපනයනයන සැලකිය යුතු වර්ධනයක් ලබා ඇති අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 26.89 ක හා කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන සියයට 53.76 ක වර්ධනයක් අත්කර ගෙන ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 1.58 ක සමස්ත සේවා අපනයන ආදායමක් මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව උපයා ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 5 තුළදී උපයනු ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක සේවා අපනයන ආදායම හා සසඳා බැලීමේදී සියයට 13.20 ක වර්ධනයකි. මෙම ප්‍රවණතාව ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේ මැයි මාසයේදී සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 358.14 ක් වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 292.61 ක් වූ පසුගිය වසරේ මැයි මාසයේ සේවා අපනයන ආදායම සමග සැසඳීමේදී සියයට 22.39 ක වර්ධනයකි.
මෙම වසරේ පළමු මාස 5 තුළදී මෙන්ම පසුගිය මැයි මාසයේදීද සේවා අපනයන අංශයෙන් ප්‍රවාහන සහ 
කාර්​ෙ යා්පාය සේවා අංශය සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති අතර මැයි මාසයේදී සියයට 31.40 ක සහ පළමු මාස 5 තුළදී සියයට 28.89 ක වර්ධනයක් ප්‍රවාහන සහ කාර්​ෙ යා්පාය සේවා අංශය අත්කරගෙන ඇත.
රු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණ, ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරන බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක අපනයන ආදායම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසා සිටියේ ඇතැම් අංශවල පරිවර්තනයක් වෙමින් තිබෙන බවත් තේ හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රිකල් අංශය හා කුළුබඩු නිෂ්පාදනවල අපනයන ආදායම ඉහළ යමින් පවතින බවය.
මෙම වසරේ පළමු මාස 5 තුළ ඉන්දියාව, චීනය, ජපානය, නෙදර්ලන්තය හා අප්‍රිකානු රටවල්වලින් ඉපැයූ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවද විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ආසියානු, මැද පෙරදිග, යුරෝපා සහ අප්‍රිකා කාලපවලට සිදුකරන අපනයනගේ සැලකිය යුතු වර්ධනයක් මෙම වසරේ පළමු මාස 5 තුළ පෙන්නුම් කරන බව ඔහු පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක අපනයන ආදායමක් මෙම වසරේ උපාය ගැනීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර තිබෙන බවත් පළමු මාස 5 තුළදී එම ඉලක්කයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් උපයාගෙන තිබෙන බවත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඉතිරි මාස 7 තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක උපයා ගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇති බවත් ඒ සඳහා වෙළෙඳපොළ හඳුනාගනිමින්, අභියෝගවලට මුහුණ දෙමින් ඉලක්කය කරා යාමට බලාපොරොත්තු වන බවත් විජේසිංහ මහතා පැවැසුවේය.

 



අදහස් (0)

පළමු මාස පහට ඩොලර් බිලියන 6.93 ක අපනයන ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site