IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පළමු මාස දහයේදී අයවැය හිඟය සියයට 57 කින් අඩුවෙලා

  • ප්‍රදාන ඇතුළු රජයේ සමස්ත ආදායම සියයට 33.2 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතුවෙලා
  • පළමු මාස දහය අවසානයේදී රජයේ වියදම රැපියල් බිලියන 4,805.8ක්
  • එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 11ක ඉහළ යාමක්
  • මෙම වසරේ පළමු මාස දහයේදී පොලී ගෙවීම් රැපියල් බිලියන 2,085 ක්
  • ප්‍රාග්ධන හා ශුද්ධ ණයදීම් රැපියල් බිලියන 582 ක්
  • එකතු කළ අගය මත බද්ද පළමු මාස දහයේදී රැ.බි.1,409 දක්වා සියයට 32 ක ප්‍රතිශතයකින් ඉහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය නාමික වශයෙන් රුපියල් බිලියන 455.8 දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 57 ක අඩු වීමක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 1,060.7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේ පළමු මාස 10 දී අයවැය හිඟය මෙලෙස සියයට 57 ක සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වීමට ප්‍රදාන ඇතුළු රජයේ සමස්ත ආදායම මෙම වසරේ පළමු මාස 10දී සියයට 33.2 කින් රුපියල් බිලියන 4,350.1 ක් දක්වා ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 4,350.1 ක් ලෙස සටහන් වන බවත් එහිදී පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව බදු ආදායම සියයට 34.4 කින් සහ බදු නොවන ආදායම සියයට 18.6 කින් වර්ධනය වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් වේ. පසුගිය වසරේ පළමු මාස 10 අවසානයේදී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,266.9 ක් ලෙස සටහන් විය. එසේම මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී රජයේ වියදම රුපියල් බිලියන 4,805.8ක් ලෙස සටහන් වන බවත් පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 11 ඉහළ යාමක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. 



අදහස් (0)

පළමු මාස දහයේදී අයවැය හිඟය සියයට 57 කින් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site