IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළමු මාස 7දී විදෙස්ගත ලාංකිකයන් එවූ මුදල ඩොලර් බිලියන 4.43 ක්

  • 2024 වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයක්
  • ජ‌ූලි මාසයේදී පමණක් එවූ මුදල ඩො.මි. 697.3 ක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 7 තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.43 ක මුදල් මෙරටට ඒවා ඇති අතර එය 2024 වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

2024 වසරේ පළමු මාස 7 තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් බිලියන 3.71 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. එසේම පසුගිය ජූලි මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් මිලියන 697.3 ක මුදලක් මෙරටට එවා තිබූ අතර 2024 වසරේ ජූලි මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණේ ඩොලර් මිලියන 566.8 ක් පමණි.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2018 වසරින් පසුව මෙරටට එවූ වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වූ අතර එහිදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් බිලියන 6.57 ක් ඒවා තිබිණි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක්ද විය.

වත්මන් ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට එවා තිබූ මුදල් ප්‍රමාණය මෙම වසරේදී පහසුවෙන් පසුකර යාමට හැකියාව තිබෙන අතර එසේ වුවහොත් 2018 වසරින් පසුව වසරක් තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේදී වාර්තා වනු ඇත.

 



අදහස් (0)

පළමු මාස 7දී විදෙස්ගත ලාංකිකයන් එවූ මුදල ඩොලර් බිලියන 4.43 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site