(ඩබ් ඒ පියතිලක)
පොළොන්නරුවේ අලෙවිසල්වල බිත්තරයක සිල්ලර මිල අද (17) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව පාරිභොගික ජනතාව කියති. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇත.
බිත්තර වෙළඳුන් පවසා සිටින්නේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලක පැවතිණි.
කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජුනි මාසයේ රුපියල් 18 ක්, ජුලි මාසයේ රුපියල් 20 දක්වාත් මිල ඉහළ යාමෙන් පසු අද වනවිට රුපියල් 23.50 දක්වා අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වන අතර මේ වනවිට එය 30% කින් පමණ පහළ බැස ඇත.
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා තිබේ. කෙසේවෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් බිත්තර මිල නිෂ්පාදකයින් විසින් ඉහළ දමා ඇති බව වෙළෙන්ඳෝ පවසති.
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පැවති පසුගිය කාලයේදී මාර්ග දෙපස වෙළෙන්ඳන් ඉතා අඩු මිලට බිත්තර අලෙවි කළ බවත්, අවදානම ඉවත්වීමත් සමග බිත්තර මිලත් ඉහළ ගිය බව පාරිභොගික ජනතාව කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොළොන්නරුවේ බිත්තරයක් රුපියල් 25යි
කමල් Tuesday, 18 August 2020 04:38 AM
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නොවේ. බඩේ බිත්තර තියාගෙන ඉන්න උදවිය සම්බන්ධ පළාතනේ...
chandima Thursday, 20 August 2020 10:33 PM
ටිකක් හිඟවුණාම ඔය බිත්තර මිල නංවන්න හේතුසාධක වුණු නිෂ්පාදන ලංකාවේ නිපදවයි... එදාට ගණන් බසීවි.