පොසොන් පොහොය නිවාඩුවට කලින් ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක නැවත වාරයක් ශක්තිමත් වූ අතර ඒකක 17,500 පසු කිරීම විශේෂත්වයකි. අද දිනයේ නැවත වතාවක් ගනුදෙනු සක්‍රීය විය හැකිය. ජූනි 08 දා ගනුදෙනුවලදී පිරිවැටුම අඩු නමුත් මිලදී ගැනීමේ උනන්දුව කැපී පෙනිණ. මෙදින ගනුදෙනුවලදී පෙරවරු 10-12 අතර කාලයේදී පසුබෑමක් සනිටුහන් වූ නමුත් පසුව එය ආවරණය කරගෙන ඉදිරියට ගිය බව දැක්වේ.
ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,500.24 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 105.79 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,208.95 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 33.00 පිබිදීමක් සේ වාර්තා වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 25,239 කි. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 85 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,851.99 ක් විය. කොටස් මිලියන 121.8 ක් හුවමාරු වූ බව දැක්වේ.
විනිමය හා සුරැකුම් කොමිසම සමාගම් කිහිපයකට සිය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරන ලෙස අවවාද කර තිබුණි. කොටස් හිමියන්ට සිය සමාගම්වල වෙනස්කම් සහ විශේෂයෙන් කාර්තුවක් පාසා සමාගමේ මූල්‍ය වාර්තා දැන ගැනීමට සැලැස්විය යුතුය. විදේශ සහභාගිත්වය තවමත් දුර්වලය. මිල දී ගැනීම් රු. මිලියන 87.4 ක් වූ අතර විකිණීම් රු. මිලියන 106.3 ක්ව තිබුණි. රටට සිදුවූ අවාසිය රු. මිලියන 19.3 කි.
එල්.වී.එල්. එන්ජි ෆන්ඩ් රු. මිලියන 151 ක්, පෑන් ඒෂියා රු. මිලියන 116 ක්, ඇලුමෙකස් රු. මිලියන 110 ක්, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 110 ක්, කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 77 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 74 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 72 ක්, ඩයලොග් රු. මිලියන 72 ක්, හේලීස් රු. මිලියන 66 ක්, ලංකා ඇලුමීනියම් රු. මිලියන 65 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 63 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 61 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 59 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 56 ක් සහ වැලිබල් වන් රු. මිලියන 52 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා දැක්විය හැකිය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොසොන් පොහොය දිනයට කලින් වාර්තා අලුත් වේ