

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මහජන බැංකුව අනුරාධපුරයේදි පින්කම් රැසක් සංවිධානය කර තිබිණි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල සිල් සමාදන් වූ උවසු - උවැසියන් 25,000 කට අධික සංඛ්‍යාවකට 42 වැනි වරටත් උදෑසන හීල් දානය පිරිනැමිය.
එමෙන්ම මහජන බැංකුව 19 වැනි වරටත් ඉදිරිපත් කළ පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ජාතික ආගමික කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහ සේවක ප්‍රජාව තුළ බොදු බැතිය හා සෞන්දර්යාත්මක කුසලතා ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය කර මෙහෙයවන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා විසිනි. මහජන බැංකු කාර්ය මණ්ඩලය මෙන්ම අනුරාධපුර නිවන්තකචේතිය ජාතික පාසලේ සිසු සිසුවියන් විසින් මෙවරද බොදු ගී ගායනා ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය. මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විසින් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදි.
එමෙන්ම මහජන බැංකුව කාර්ය මණ්ඩලය විසින් පොසොන් පෝයට පෙරදින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සවස ගිලන්පස පූජාව පවත්වන ලද අතර, නුවරවැව ශාඛාව විසින් අයිස්ක්‍රිම් දන්සැලක්ද පවත්වන ලදි.
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සහ රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමධිකාරී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ගෞරව ශාස්ත්‍රවේදි පණ්ඩිත ඊතලවැටුනුවැවේ ඥාණතිලක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාවලට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳූමිණි රත්නායක, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිණියන්, රාජ්‍ය නිලධාරින් හා මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොසොන් පෝය නිමිත්තෙන් මහජන බැංකුවෙන් අනුරාධපුරයේදි පින්කම් මාලාවක්