IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

(තිළිණි ද සිල්වා)

පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සඳහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී.
 
ඒ අනුව 2018 වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසදීමේදී පසුගිය වසරේදී සංචාරකයින් පැමිණීම සියයට 18 කින් අඩු වී ඇතැයිද සංවර්ධන අධිකාරිය කියා සිටී. ඉකුත් 2018 වසරේදී පැමිණි විදෙස් සංචාරකයින් ගණන විසිතුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහයකි.
 
2019 වසර සදහා සංචාරකයින් පැමිණීමේ දත්ත නිකුත් කරමින් එම අධිකාරිය මේ බව කියා සිටී.
 
පසුගිය වරේදී සංචාරකයින් ලක්ෂ 25 ක් මෙරටට පැමිණෙනු ඇතැයිද බලාපොරොත්තු වුවද පසුගිය අප්‍රේල් මාසයේ පැවති පාස්කු ඉරිදා ඛේදවාචකය හේතුවෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි වූ බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 

රට

පැමිණි සංචාරකයින් සංඛ්‍යාව

ඉන්දියාව

355,000

එක්සත් රාජධානිය

198,776

චීනය

167,863

ජර්මනිය

134,899

ඕස්ට්‍රේලියාව

92,674

ප්‍රංශය

87,623

රුසියාව

86,549

ඇමෙරිකාව

68, 832

මාලදිවයින

60,278

කැනඩාව

48,729


සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදී වන අතර එම මාසයේදී විදේශිකයින් 241,663 කු පැමිණි ඇත.නමුත් 2018  වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.5ක අඩුවීමක් යැයිද එම අධිකාරිය කියා සිටී.
 
ඊට අමතරව ඉන්දියාවෙන් ,එක්සත් රාජධානිය සහ රුසියාවෙන් සංචාරකයින් මෙරට පැමිණි ඇත.



අදහස් (1)

පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

Kumar Monday, 06 January 2020 05:19 PM

ඇමෙරිකාවේ සංචාරකයෝ වැඩිදෙන යන්නේ මාලේටයි. ලංකාව ගැන වැඩිදෙනා දන්නේ නැහැ.

:       1       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site