IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පැල්වත්ත කිරි සමාගමේ ප්‍රධාන තනතුරු දෙකකට නව පත්වීම්

පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් දෙදෙනකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලු‍තින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් පත්වීම් ලබන ලදි. ඔවුන්ගේ අත්දැකීම්වලින් සහ නිපුණතාවලින් සමාගම තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගනු ඇතයි සමාගම අපේක්ෂා කෙරේ.

ඩිලන්ත ප්‍රනාන්දු මහතාට විවිධ ක්ෂේත්‍රවල මූල්‍ය නායකත්වය සම්බන්ධයෙන් දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති අතර, ඔහු ව්‍යාපාර සැලසුම්කරණය, ලාබ අලාභ කළමනාකරණය, මූල්‍ය වාර්තා සැකසීම සහ ආයෝජක සබඳතා යන අංශවල ප්‍රවීණයකු ලෙස සැලකිය හැකිය. ඔහු මින් පෙර චීනයේ මැක්සිම් සමූහයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් මාර්ටින් සිලෝන් සමාගමේ මූල්‍ය කටයුතු සහ මූල්‍ය සැලසුම් පිළිබඳ ඉහළ තනතුරක් හොබවා ඇත. සංකීර්ණ මූල්‍ය තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඔහුට ඇති හැකියාව, පැල්වත්ත කිරි සමාගමේ අනාගත දියුණුවට විශාල පිටිවහලක් වනු ඇත.

තුෂාර ජයලත් මහතා නිෂ්පාදන සහ මෙහෙයුම් ක්ෂේත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ වෘත්තිකයෙකි. ඔහු මින් පෙර දිවයිනේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා පාරිභෝගික නිෂ්පාදන සමාගම් වන යුනිලීවර්, ෆොන්ටෙරා සහ ඒවරි ඩෙනිසන් වැනි සමාගම්වල නිෂ්පාදන හා සැපයුම් අංශයන්හි සේවය කර විශාල පළපුරුද්දක් හිමි අයෙකි. ජපානයේ ශාඛා කළමනාකරණ ආයතනයේ සහතිකලත් සමස්ත මූල්‍ය නඩත්තු කිරීමේ (TPM) උපදේශකවරයකු ද වන ඒ මහතා, මින් පෙර විවිධ නිෂ්පාදන ආයතනවල ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇත. ඔහුගේ නිපුණතාව මත පැල්වත්ත කිරි සමාගමේ නිෂ්පාදන හා සැපයුම් අංශය වඩාත් කාර්යක්ෂම කරගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.



අදහස් (0)

පැල්වත්ත කිරි සමාගමේ ප්‍රධාන තනතුරු දෙකකට නව පත්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site