IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොල් වගාවේ ඉහළ ඵලදාවකට DIMO Agribusinesses වෙතින් විසඳුම් පෙළක්

 

  • නිරෝගී පොල් ගසකින් වාර්ෂිකව ගෙඩි 100 ක් 120ක්
  • ගසකට දෛනිකව ජලය ලීට​ර් 60ක් පමණ අවශ්‍යයි

දේශීය වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලු‍මට සරිලන  සැපයුමක් වෙළෙදපොළේ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බවත් මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. 

නිසි ලෙස පවත්වාගෙන යන නිරෝගී පොල්ගසකින්, ලංකාවේ වාර්ෂිකව  සාමාන්‍යයෙන් ගෙඩි 100 ක් 120ක් අතර ගණනක් ලබාගත හැකිය. එවැනි අස්වැන්නක් නිපදවීමට නම් පොල් ගසකට දෛනිකව ජලය ලීටර් 60ක් පමණ අවශ්‍ය වේ. කාලයත් සමඟ ගසේ පෝෂණය ක්‍රමයෙන් අඩුවීමත්, පසේ සාරවත්බව ක්‍රමයෙන් හීන වීමත් සමඟ ශාකයට අවශ්‍ය පෝෂණය පොහොර ලෙස  බාහිරින් සැපයිය යුතුවේ. එහෙත් පර් යේෂණවලට අනුව ශ්‍රී  ලංකාවේ  පොල් වැවිලිකරුවන් අතුරින් වගාවට පොහොර යොදන්නේ  සියයට 30 ක් පමණක්  වන අතර ජලය යොදන්නේ සියයට 10 ක් පමණ සුළු ප්‍රමාණයකි. මේ නිසා ජලය හා පොහොර ක්‍රමවත්ව නොලැබෙන ගහක් වාර්ෂිකව නිපදවන්නේ, ගෙඩි 40-60 ක් අතර ගණනකි.

DIMO ආයතනයේ කෘෂි අංශය වනDIMO Agribusinesses , දේශීය කෘෂි කර්මාන්තයට නවීනත්වය මුසු කරමින්, සමස්ත කෘෂි ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවා රැසක් ක්‍රියාත්මක කරන අතර, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්, පොල්  පැළ රෝපණයේ සිට ඵල නෙළීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සඳහාම විසඳුම් පෙළක් තම නිෂ්පාදනවලින්  ඉදිපත්කර ඇත. 

උසස් තත්වයේ පොල් ඵලදාවක් ලබා ගැනීමේ මූලිකම පියවර උසස් තත්වයේ පොල් පැළ රෝපණය කිරීමයි. ගුණාත්මකබවින් ඉහළ තත්වයේ පොල් පැළ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවකු ලෙස තම කෘෂි තාක්ෂණ උද්‍යාන තුළ නිවැරැදි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිපදවන උසස් තත්වයේ පොල් පැළ වැවිලිකරුවන්ට DIMO Agribusinesses මගින් ලබා ගත හැක.

DIMO  පොහොර සන්නාමය යටතේ DIMO Agribusinesses සිය YPM-D, YPM-W, APM-D, APM-W, APM-TSP  යන ප්‍රධාන මිශ්‍රණ වලට අමතරව, ග්‍රෝමැක්ස් සන්නාමය යටතේ, ලොව සුපතල නයිට්‍රොෆොස්කා සංයුක්ත පොහොර සම්මිශ්‍රණයෙන් යුත් පොල් වගාව වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ විශේෂ පොහොර මිශ්‍රණද හඳුන්වා දී ඇත. මීට අමතරව පසේ නිසි ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා තම පර් යේෂණාගාර තුළ, පාංශු විශ්ලේෂණය සහ පරික්ෂාව සිදු කරමින්, පසට සුදුසු පොහොර නිර්දේශ කිරීම DIMO Agribusinesses සිය උපදේශන සේවා හරහා සිදුකරන අතර අඛණ්ඩව පොල් වගාකරුවන්හට එම තාක්ෂණික දැනුම ලබාදෙමින් විදිමත් පොහොර භාවිතය සම්බන්ධව පොල් වගාකරුවන් දැනුවත් කරනු ලබයි. 

සම්ප්‍රදායික ක්‍රමවලින් ජලය සැපයීමේදී මුහුණපාන දුෂ්කරතා හේතුවෙන්, වගාවලට නියමිත පරිදි ජලය සැපයීමට වගාකරුවන් යොමුනොවේ. ලොව ප්‍රකට Rivulis  සමඟ එක්ව  ක්ෂුද්‍ර ජල තාක්ෂණ ක්‍රම මෙරට ප්‍රචලිත කරන DIMO Agribusinesses මෙම ගැටලු‍වට කදිම විසඳුමක් ලෙස, පොල් වගාව සඳහා වඩාත් යෝග්‍ය පූර්ණ හා අර්ධ ස්වයංක්‍රිය උප-පෘෂ්ටිය බින්දු ජල ව්‍යපෘති දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සිටියි. එමඟින් ජලය කාර්යක්‍ෂමව පොල් වගාවලට ලබාදෙන අතර එම පද්ධති ඔස්සේම සැපයිය හැකි පොල් වගාව සඳහාම වඩාත් අනුකූල කළ ජල ද්‍රාව්‍ය පොහොර (Fertigation Fertilizer) මිශ්‍රණ ද සමාගම නිපදවා ඇත. තම ඉඩමට වඩා සුදුසු ජල පද්ධතියේ ව්‍යුහය තෝරාගැනීමට, යෙදිය යුතු පොහොර ප්‍රමාණය, අවශ්‍ය පොහොර එන්නත් ප්‍රවාහ අනුපාතය, ටැංකියේ ප්‍රමාණය හා බයිපාස් ක්‍රමයක් අවශ්‍යද යන කරුණු පිළිබඳ  උපදේශන සේවා ලබාදෙමින් ක්ෂුද්‍ර ජල සැපයුම් පද්ධති සැලසුම් කිරීම, ස්ථාපිත කිරීම පමණක් නොව අලෙවියෙන් පසු සේවාද DIMO Agribusinesses  සපයයි. ඒ අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු, තාක්ෂණික ගැටලු‍ නිරාකරණය මෙන්ම පද්ධති වැඩිදියුණු කිරීම වැනි ඕනෑම කටයුත්තක් සඳහා සමාගම සැමවිටම කැපවී සිටියි. 

මූලික පිරිවැය, බොහෝ පොල් වගාකරුවන් ක්ෂුද්‍ර ජල පද්ධතියක් වෙත යොමු නොවීමට ප්‍රධානතම හේතුව වුවත් ආයෝජනයට සාපේක්ෂව විශාල ප්‍රතිලාභයක් පිරිනමමින් පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට මෙය දායක වන බැවින්, DIMO Agribusinesses  සර්වෝදය ඩිවලොප්මන්ට් බැංකුව සමඟ ඒකාබද්ධව ආකර්ෂණීය ණය පහසුකම් ද හඳුන්වා දීමට කටයුතු කර  ඇත. 

තම පොල් වගාව කළමනාකරණයේදී හා රැක බලා ගැනීමේදී අපහසුතාවලට මුහුණපාන වතු හිමියන් වෙනුවෙන්ම සමාගම හඳුන්වාදී ඇති පොල් වතු පරිපාලන සේවාව මඟින් වගාවේ මුළු වගකීම ආයතනය බාරගෙන කටයුතු කරයි.



අදහස් (0)

පොල් වගාවේ ඉහළ ඵලදාවකට DIMO Agribusinesses වෙතින් විසඳුම් පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1211 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 302 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site