IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් අතහිත

ක්ලෝගාඩ්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සත්කාරයකට දායක වෙන ලදී. මෙහි දී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දූෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුල පිරීම් රාශියක් සිදු කළේය.

‘ජල මුල රකිමු සමනොළ ගිර’ යන නාමය යටතේ සිදු කරන ලද මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සහ මහජනතාවට නිසි ආකාරයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුමක් ලබා දෙයි. අප්‍රේල් සිට මැයි දක්වා පවත්වන ලද මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුයේ ශ්‍රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් නිවැරදි ප්ලාස්ටික් බැහැර කිරීමේ ආකාරය පිළිබඳව දැනුවත් කිරීම වූ අතර, ඒ සඳහා ක්ලෝගාඩ් කණ්ඩායම සිය දායකත්වය දැක් වූ අතර, ශ්‍රී පාද මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම සහ ස්වෙච්ඡාවෙන් ශ්‍රී පාද අඩවිය අවට ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ඔවුන් මේ සඳහා සම්බන්ධ විය. තවද, ක්ලෝගාඩ් විසින් ප්ලාස්ටික් පරිහරණය අවම කිරීමේ අරමුණින් බැතිමතුන්ට මැටි බෝතල් ලබාදීම සිදු කරන ලද අතර, ඉදිකටුපාන, සීත ගඟු‍ල සහ රතු අම්බලම යන ස්ථානවල පිරිසුදු පානීය ජල පහසුකම් ඇති කිරීම මගින් ද ඔවුන්ගේ දායකත්වය දක්වන ලදී.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හි අලෙවි හා වෙළඳනාම අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා මෙසේ පැවසීය. මෙම ක්‍රියාන්විතයට දායක වී මෙම පූජනීය භුමියෙහි ආරක්ෂාව උදෙසා යම් කර්තව්‍යක් කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වනවා. දිවයිනේ සියලු‍ම ප්‍රදේශවල පාහේ පවතින මෙම ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එසේම ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට ක්‍රියා කිරීම සියලු‍ දෙනාගේම වගකීමක්.



අදහස් (0)

පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site