හොල්සිම් සමාගමේ පුත්තලම වැඩ බිමට අවශ්‍ය ගල්අඟුරු, ක්ලින්කර් චීන වාරායෙන් කන්ටේනර් පෙට්ටි වලට පටවා මහව දුම්රිය ගෙනවිත් පුත්තලම කම්හල් වැඩබිමට ට්‍රිපර් රථ හරහා ගෙන ඒමේ වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර ගනිමින් පසුගියදා ආරම්භ කැරිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා , දුම්රිය බලධාරින් හා හොල්සිම් සමාගමේ නිලධාරිහු ඊට සහභාගී වුහ.
ත්‍රිකුණාමලයේ සිට ට්‍රිපර් භාවිතා කරමින් කළ අමුද්‍රව්‍ය ප්‍රවාහනය නතර වෙයි. එම හේතුවෙන් පරිසයට වන හානිය අවම වන බවත් , මාර්ග තද බදය හා අනතුරු අවම වන බවත් හොල්සිම් සමාගම පවසයි.
ගැල් 15 යුක්ත එක් දුම්රියක් දිනකට ගල් අගුරු ටොන් 350 ප්‍රවාහන කරන බවත් ,මෙම භාණ්ඩ ප්‍රවාහනයෙන් මසකට රුපියල් මිලියන 10 ආසන්න මුදලක් දුම්රිය දෙපාර්මේන්තුවට ලැබෙන බවත් ඉදිරියේ දී මෙවැනි සමාගම් සමඟ කටයුතු කිරිමට සැලසුම් කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/021.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0811.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1112.jpg)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1211.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/131.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/141.jpg)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/151.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි හොල්සිම් කර්මාන්තශාලාව ගැන (ම)
අමිල ඔයා හරි. හැබැයි එහෙම කරන්න එක්කො මහවින් පුත්තලමට අලුතින් රේල් පාර දාන්න ඕනෑ. එහෙම නැත්තම් රාගමට ගිහින් තමයි පුත්තලම් ලයින් එකට මාරු වෙන්න තියෙන්නෙ (නි)
ඒ කරන්න යන දේ හොඳයි.(හේ)
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථා 1 ටම යා හැකිනේ.(හේ)
හොද වැඩක්. (හේ)
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථාවටම යත හැකිනේ (බ)
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථා එකටම යත හැකිනේ (බ)
කන්ටේනර් ප්‍රවාහනයත් දුම්රියෙන් කරන්න පුලුවන් නම් පෑලියගොඩ මාර්ග තදබදයට හොඳ විසඳුමක් වෙයි (නි)
තෙල් ප්‍රවාහනයත් මේ වගේම වැඩි දියුණුකළොත් හොඳයි. පාරේ දුවන තෙල් බව්සර් අඩුකරන්න පුළුවන් (නි)
කලිනුත් වාහන රැගෙන යාම සදහා දුම්රිය භාවිතා කලා . (ර)
මෙම ක්‍රමය භාණ්ඩ ප්‍රවාහනයට හොද ක්‍රමයක්. (ර)
පරිසර දුෂ්නයටත් හොඳ පිළියමක්. (ර)
ගිය ආණ්ඩුවේ අය අඩුමගානේ ඔහොම දෙයක්වත් කළාද? (නි)
නිමල් ඔබගේ වැඩ ගැන දැන්නම් පැහැදීමක් එනවා. (බ)
සුද්දා දුම්රිය ගැන අවබෝධ කරගත් දෙය අපි තවමත් අවබෝධ කරගෙන නැත්තෙමු. දියුණු රටවල ජනතාව ගමනා ගමනය සඳහා වැඩි විශ්වාසයක් තබන්නේ දුම්රිය සේවයයි. භාණ්ඩ ප්‍රවාහනයටද මුලික තැන හිමි වන්නේ දුම්රිය සඳහාය. දුම්රිය සේවය ගැන අපේ රටේ මේ දක්වා සිදුවී ඇත්තේ නිතරම අපි අපිවම රවටා ගැනීමකි. (ර)
නියමයි නේ අන්න රටට වාසි සහ ගත වැඩ . අතරමග නවතින්නේ නැහැ නේද.(හේ)
මේ වැඩ අතරමඟ නවතින්නේ නෑ නේද?(හේ)
කරන්න යන වැඩේනම් ගොඩක් හොඳයි.(හේ)
මේ ව්‍යාපෘතිය සාර්ථක වූවහොත් හොඳ ආදායමක් දුම්රිය දෙපාර්තුමේන්තුවට ලබා ගන්න පුළුවන්.(හේ)
මේ වැඩේ නිසා ටිපර් රථ ප්‍රධාන මාර්ග වල ගමන් කරන එකනම් ගොඩක් අඩු වෙයි.(හේ)
හොල්සිම් සිමෙන්ති මිල අඩු කරන එකක් නැහැ නේද ? මොකද ඕක අනිවාර්යෙන්ම හොල්සිම් එකේ වියදම් අඩු කිරීමක් . (අ)
හොල්සිම් සිමෙන්ති මිළ වැඩිවෙන්නේ නැහැ දුම්රියට අතිරේක මුදලක් ලැබෙන නිසා ගාස්තු අඩු කරනවා කියලත් කියන්න... (ර)
හොල්සිම් සිමෙන්ති මිළ වැඩිවෙන්නේ නැහැ දුම්රියට අතිරේක මුදලක් ලැබෙන නිසා ගාස්තු අඩු කරනවා කියලත් කියන්න ඇමතිතුමා. (බ)
ඉතාමත් සතුටට කාරණයක්... රටේ අනිත් හැම තැනටම මෙය හඳුන්වා දෙන්න... රට තුල බහලුම් ප්‍රවාහනය හැකි තාක් දුම්රිය මගින් සිදු කරමු... (ර)
මාර්ග තදබදයට හොද විසදුමක්. (ර)