(මොහොමඩ් ආසික්)
කුළුබඩු සඳහා ජාත්‍යන්තරව පිළිගත් GAP සහතික (යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිත කළ බවට සහතික) නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රථම වරට ආරම්භ කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ජනක ලින්දර මහතා පැවසීය.
අවිධිමත් කෘෂි රසායන භාවිතය සීමා කර සෞඛ්‍ය රක්ෂිත හා ගුණාත්මක බව තහවුරු කරමින් පරිසර හිතකාමීව නිපදවනු ලබන කුළුබඩු සඳහා මෙම සහතික නිකුත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
මෙහි පළමු පියවර වශයෙන් ගම්මිරිස්, කෝපි හා කුරුඳු යන බෝග සඳහා මෙම GAP සහතික අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නොමිලේ නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.
අප ගන්නා ආහාරවලට වගා බිමේදී, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී මිනිස් සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය එකතු වීමේ දැඩි අවදානමක් පවතින බවත්, එබැවින් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වන බවත්, මේ වන විට ලොව විෂ සහිත ආහාර පරිභෝජනය කරන රටවල් අතරින් ලංකාවද ඉහළ ස්ථානයකට පත්ව ඇති බවත් පැවසූ අධ්‍යක්ෂකවරයා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ( GAP- GOOD AGRICULTURE PRACTICES) අනුගමනය කිරීමෙන් මෙම තත්ත්වයන් වළක්වා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.
නීරෝගි දිවියක් උදෙසා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කර ගැනීමේ අවශ්‍යතාව වර්තමානයේ ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන් අවධානයට ලක් වී ඇති බවත් මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා කුළුබඩු බෝග වගාකරුවන්, නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් යොමු කර ගැනීමේ අරමුණින් GAP වැඩසටහන ක්‍රියාවට නංවන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරිසර හිතකාමීව නිපදවන කුළුබඩු සඳහා නොමිලේ ගැප් සහතික