IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිරිවැටුම යහපත් නමුත් දර්ශක රතු පැහැයට

කොළඹ කොටස් වෙළෙඳපොළ  ඊයේ (22) ගනුදෙනු අවසන් වනවිට දර්ශක රතු පැහැයෙන් අවසන් වූ අතර කොටස් මිල දර්ශක පහත වැටුණු බව එයින් සනිටුහන් විය.  වර්ධනයක ලකුණු පෙන්වමින් සිටි අතර පළමු පැය භාකයක පමණ කාලය තුළ මිල දර්ශක වර්ධනය වූ නමුත් ඉකුත් සඳුදා හා සමානව විකිනීම සඳහා දක්වන ලද නැඹුරුව හේතු කොටගෙන දී දර්ශක සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටිණ. කෙසේ වෙතත් ඉල්ලුම ඉහළ යා හැකි පසුබිමක් පවතින අතර වෙළෙඳපොළ වර්ධනයකට ඉඩකඩ පවතී. විදේශ ආයෝජකයන් පවාමිල දී ගැනීමට උනන්දුවක පසුවේ. 
දශක හතරක පමණ ඉතිහාසයක් ඇති කොළඹ කොටස් හුවමාරුව පසුගිය දා සිය දහවැනි ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කළේය. මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුරය, රත්නපුර සහ පානදුර මෙහි සෙසු ශාඛා ස්ථාපිත කර ඇති අතර ආයෝජකයන්ට පහසුකම් මේවායෙන් සැපයෙනු ඇත.
ඊයේ ගනුදෙනු 10,929 ක් වාර්තා වූ අතර සමාගම් 100 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි. දෛනික පිරිවැටුම රු. බිලියන 991.4 ක් වශයෙන් විය. ජෝන් කීල්ස් හැරුණු කොට සෙසු හුවමාරු වූ කොටස් වල දී බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශ වැඩිම දායකත්වයක් දක්වන ලද බව දැක්විය හැකිය.සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,555.86 ක් වු අතර එය දර්ශක 43.75 ක පසුබැසීමකි.  ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,589.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 31.65 ක පහළ යෑමක් සේ  දැක්විය හැකිය. 
ජෝන් කීල්ස් රු. මිලියන 118 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 84 ක්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් රු. මිලියන 53 ක්,   බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 49 ක්,  වැලිබල් වන් රු. මිලියන 42 ක්, සම්පත් රු. මිලියන 38 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑනස් රු. මිලියන 22 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 22 ක්, හේලීස් රු. මිලියන 17 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 17 ක්, සහ ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 14 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 
- නිරීක්ෂක



අදහස් (0)

පිරිවැටුම යහපත් නමුත් දර්ශක රතු පැහැයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site