IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ප්‍රයිම් සමූහයෙන් ‘රාජ්‍ය සේවා අභිමන්’

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම වැඩමුළුවලදී මෙරට රාජ්‍ය සේවකයන් දැනුවත් කරමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය. 
මෙහි සමාරම්භක වැඩසටහන 2025 පෙබරවාරි 19 වන දින ගම්පහ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන්ද, ප්‍රයිම් සමූහය නියෝජනය කළ නිලධාරීන්ද සහභාගී වූ අතර, මධ්‍යම පළාත් පරීක්ෂණ නිලධාරී උදාන වීරසිංහ මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. ඉදිරියේදී මෙම වැඩසටහන තවත් ප්‍රධාන පෙළේ නගර සභා 7 කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 
මෙහිදී අදහස් දැක්වූ ලෝචනා බාලසූරිය මහත්මිය මෙසේ පැවසුවාය. මේ ආකාරයට පෞද්ගලික අංශය හා පළාත් පාලන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීමට පියවර ගැනීම වෙනුවෙන් තමන් ප්‍රයිම් සමූහයට ස්තූතිවන්ත වනවා. නව්‍ය ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන් මාලාව මගින් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ යනු නිසැකයි. මෙම වැඩසටහන යටතේ ලැබෙන දැනුම හා පුහුණුව රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස රාජකාරී කිරීමට උපකාරී වනු ඇති. එමගින් රටේ සියලු‍ම ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ අත් වනු ඇති. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම ප්‍රයිම් සමූහයේ ප්‍රධානතම අරමුණු අතරට ඇතුළත් වී තිබේ. මෙම වැඩසටහනේදී පළාත් පාලන නීතිය මෙන්ම මුල්‍ය නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන් දැනුවත් කරන ලදී. 



අදහස් (0)

ප්‍රයිම් සමූහයෙන් ‘රාජ්‍ය සේවා අභිමන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site