IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරියාට CMO Asia සම්මාන

පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර Taj Lands End  හිදී පැවැත්වුණු Business Leader of the Year’ සම්මාන උළෙලේදී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරි’ සම්මානය හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රුමින්ද රන්දෙණිය මහතා සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ CMO Asia  විසිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට නායකත්වය සහ එම ක්ෂේත්‍රය තුළ ඉටු කළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් රුමින්ද රන්දෙණිය මහතා වෙත මෙම සම්මානය හිමි විය.

දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ  වසර 25 කට අධික පළපුරුද්දක් හිමි රුමින්ද රන්දෙණිය මහතා එම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. ඔහු ප්‍රයිම් ලෑන්ඞ්ස් සමාගමේ විධායක නිලධාරී තනතුරට අමතරව එම සමූහයට අයත් Bhoomi Realty Holdings, Regent Caterers සහ Regent Country Club  ඇතුළු සමාගම් කිහිපයක විධායක අධ්‍යක්ෂ තනතුරුද දරන අතර, දූරදර්ශී දැක්ම සහ ව්‍යාපාරික ඥානය ඔස්සේ එම සමාගම්වල උන්නතිය උදෙසා කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කර ඇත. 

මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සහ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ මෙය ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ විශිෂ්ට නායකත්ව ගුණාංග වෙනුවෙන් මෙන්ම, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහය විසින් පෙන්නුම් කරන ලද සාමූහික කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් වන බවයි. රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිම්වළලු‍ පුළුල් කිරීමටත්, සෑම විටම පාරිභෝගික තෘප්තිය සහතික කරමින් ක්ෂේත්‍රෙය් ඉදිරියෙන්ම සිටීමටත් සමත් වී ඇති බවත් ඔවුහු පැවසූහ. 

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම තුළ රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණයක් වන්නේ සියයට 1ක පහසු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමයි. මෙම පහසු ගෙවීමේ ක්‍රමය නිසා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට හැකි වී තිබේ. 



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරියාට CMO Asia සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site