IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පරමේෂ්වරී ආයතනයට Asia Miracle සම්මානය

ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 
2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප හදාරන්නන් අතර ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. වයස අවුරුදු 16 සිට 55 දක්වා වූ අයට නිවැරැදිව සහ විනයානුකූලව වත්පිළිවෙත් ඉටු කරමින් ගුප්ත විද්‍යා කටයුතුවල නියැලීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව සපයන එම ආයතනය ක්ෂේත්‍රයේ විශ්වසනීය නමක් දිනා ඇත.  
“ඇසට නොපෙනෙන විවිධ බලවේග හඳුනා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට අපගේ ආයතනය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. විධිමත් පුද පූජා විධි පිළිබඳ දැනුම සහ පුහුණුව අප ඔවුන්ට සපයනවා. අපගේ දේව මන්දිරය සෑම අඟහරුවාදා දිනකම ජනතාවට විවෘතව පවතිනවා. අපගේ ආයතනයේ ශිල්ප හදාරන සිසුන්ට මාසයකට වරක් ගුප්ත විද්‍යා අධ්‍යයන හා විවිධ දේව පූජා විධි පිළිබඳව වැඩමුළු ආයතනය තුළම පවත්වනවා. අපගේ පාඨමාලාව හැදෑරූ පළමු සිසුන් කණ්ඩායමට සහතික ප්‍රදානය මේ වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අප ආයතනයේ තුන් වැනි සිසුන් කණ්ඩායම මේ වන විට ඉගැනීම් අරඹා තිබෙනවා.” භාග්‍යානි සඳරේඛා මහත්මිය පැවසුවාය. 



අදහස් (0)

පරමේෂ්වරී ආයතනයට Asia Miracle සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1560 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site