IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පිරමිඩ් විල්මා සමාගම 20 වසරක හවුල්කාරිත්වය සමරයි

දිවයින පුරා ඉවුම්-පිහුම් විශිෂ්ටත්වය බලගැන්වීමට ChefsHunt වැඩසටහන දියත් කරයි
මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. 2005 වසරේදී ස්ථාපනය කරන ලද පිරමිඩ් විල්මා සමාගම, පිරමිඩ් ඔයිල් මිල්ස් සහ 1991 වසරේ සිංගප්පුරුවේ ස්ථාපිත කරන ලද විල්මා ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරයකි. 
විල්මා යනු, ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක 1,000 කට අධික නිෂ්පාදන කර්මාන්තශාලා ගණනක් සහිත, ආසියාවේ ප්‍රමුඛතම කෘෂි-ව්‍යාපාර සමූහයයි. එය, පාම් සහ ලෝරික් තෙල් පිරිසැකසුම් සහ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන අතර, පිටි සහ සහල් ඇඹරුම් වෙළෙඳපොළේ ද පෙරමුණේ සිටියි. තවද, එම සමාගම ලොව අමිශ්‍ර සීනි නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් අතර පළමු සමාගම් දහය අතර රැඳී සිටී.
දිවයින පුරා පැවැත්වීමට නියමිත ChefsHunt වැඩසටහන යටතේ, ඉවුම්-පිහුම් ක්ෂේත්‍රය පිළිබඳ ඇල්මක් දක්වන 25 දෙනකුට M W Institute of Culinary Arts ආයතනයේදී NVQ 4 වැනි සුදුසුකම ලබා ගැනීමට හැකි ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. 
මෙරට ආහාර ක්ෂේත්‍රයේ පෙරමුණ හිමිකර දී ඇති ක්‍රමෝපායික හවුල්කාරිත්ව හරහා ගොඩනැගුණු පුළුල් පරාසයක ව්‍යාපාරික ක්ෂේත්‍ර රැසක් පිරමිඞ් විල්මා සමාගම සතුව පවතී. ‘‘දශක දෙකක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වය ලබා දෙමින්, එහි සම්පත් පෝෂණය කරමින් මෙන්ම, එහි ජනතාව සවිබල ගන්වමින් රට පුරා ඉතා සමීපව අප කටයුතුකර තිබෙනවා. සාම්ප්‍රදායික ව්‍යාපාරික මානසිකත්වයෙන් ඔබ්බට යමින් සෑම ශ්‍රී ලාංකිකයකු සඳහාම, වඩාත් යහපත් සහ සුබදායී අනාගතයක් ගොඩනැගීම අපගේ අරමුණයි. ලංකාවේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගමක් ලෙස පිරමිඞ් විල්මා සමාගම, ප්‍රගතිශීලී හවුල්කාරිත්ව, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම හරහා ගුණාත්මකභාවය තහවුරු කිරීමට නිබඳව කැප වනවා. එමගින්, මෙරට තුළ අප ඇතිකරන ධනාත්මක බලපෑම උපරිම කිරීමටත්, තිරසාර පදනමක් මත අනාගත පරපුරේ යහපත වෙනුවෙන් සහයෝගය ලබා දීමටත් අප කටයුතු කරනවා. ලංකාවේ ප්‍රගතිය සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉදිරියටත් කැපවන අතරම, ඉදිරි වසර කිහිපය තුළ අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා,”‍ යනුවෙන් පිරමිඞ් විල්මා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සජාඞ් මවුසූන් මහතා සඳහන් කළේය. 
”‍වැවිලි කර්මාන්තයේ සිට පිරිසැකසුම් සහ සැපයුම් ක්ෂේත්‍ර දක්වා අපගේ ඉලක්කය වන්නේ සියලු‍ ලාංකිකයන්ගේ ජීවිත ඔසවා තැබීම සඳහා, සැපයුම් දාමයේ සෑම පියවරකදීම මෙහෙයුම් ඒකාබද්ධතාව තහවුරු කිරීමයි,”‍ යනුවෙන් පිරමිඩ් විල්මා සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තන්වීර් සිද්දික් මහතා පැහැදිලි කළේය. ‘‘හොඳින් ඒකාබද්ධ වූ සැපයුම් දාමයක් සහ ක්‍රමෝපායික ආයෝජන හරහා අප සමාගම දේශීය ආහාර කර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක්කර තිබෙනවා. මෙසේ සමරන්නේ අපගේ ගමන්මගේ අප සමග රැඳී සිටි විවිධ පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගත් ප්‍රගතිශීලී හවුල්කාරිත්වවල වසර 20ක සාර්ථකත්වයයි. පිරමිඞ් විල්මා සමූහයේ සෘජු හා වක්‍ර කාර්යමණ්ඩල සාමාජිකයන් අපගේ සාර්ථකත්වයේ පදනමයි. තිරසර වර්ධනය සහ ගුණාත්මකබව පවත්වාගෙන යාම පිරමිඩ් විල්මා සමූහයේ ජීවනාලියයි.”‍

 



අදහස් (0)

පිරමිඩ් විල්මා සමාගම 20 වසරක හවුල්කාරිත්වය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site