භානුක අමරසිංහ
වර්තමානයේදී සිය සමාගම දේශීය කුකුළු මස් වෙළෙඳපොළ වෙත සිදු කරන අතිරික්ත සැපයුමත් සමගින් සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ඇති අවස්ථා සොයා බලන බව ‘ප්‍රීමා චිකන්’ සන්නාමය හිමි සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී (Ceylon Grain Elevators PLC) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Cheng Chih Kwong පවසයි.
එම සමාගම මගින් නිකුත් කළ 2024 වසර සඳහා වන වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදුකරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. “අද වනවිට අප සමූහය මෙම අතිරික්ත නිෂ්පාදනය අපනයනය කළ හැකි විදේශ වෙළෙඳපොළ පිළිබඳව ගවේෂණය කරමින් සිටිනවා.” ඔහු පවසයි.
කෙසේ වෙතත් දැනට මෙරට තුළ කුකුළු මස් නිෂ්පාදනය සඳහා පවතින ඉහළ පිරිවැය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ තරගකාරී මිල ගණන් ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අභියෝගයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මෙම තත්වය සම්බන්ධයෙන් ඊට අදාළ රජයේ බලධාරීන් සමගින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කරයි. “මෙහිදී අපි අවස්ථා පවතින අපනයන වෙළෙඳ පොළ හඳුනාගැනීම සහ ඒ වෙත පිවිසීම සඳහා රජයේ සහයෝගය බලාපොරොත්තුව සිටිනවා.”
මේ අතර මෙම අපනයන වෙළෙඳපොළ අවස්ථා සම්බන්ධයෙන් මෙම වාර්තාව තුළ අදහස් දක්වා ඇති සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගමේ සභාපති වික්‍රම සේනක වීරසූරිය මහතාද, එම කටයුතු සාර්ථක කරගැනීම සඳහා රජයේ ධනාත්මක සහයෝගය බලාපොරොත්තු වන බව පවසා සිටියි.
2024 වසරේ මූල්‍ය වර්ෂයේදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම රුපියල් මිලියන 23,993ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇති අතර, එය 2023 වාර්තා කළ රුපියල් මිලියන 19,595ට සාපේක්ෂව සියයට 22 ක වර්ධනයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රීමා චිකන් අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ අපේක්ෂාවක