IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට කාගිල්ස් බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

කාගිල්ස් බෑන්ක් පීඑල්සී හි සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම හා බැඳුණු 2025 මාර්තු 21 සහ 2025 මාර්තු 25 දිනැති නිවේදන අනුව යමින්, පහත සඳහන් යාවත්කාලීන කිරීම් පාරිභෝගිකයන්ට ලබාදීමට කැමැති බව එම බැංකුව සදහන් කරයි.

පෙර දැනුම් දුන් පරිදි, කිසියම් අනවසර පාර්ශවයක් විසින් බැංකුවට අයත් යම් යම් දත්ත වෙත ප්‍රවේශ වූ බවත්, එම දත්ත ප්‍රසිද්ධියට පත්කළ බවත් ප්‍රකාශ කර ඇත.

බැංකුව විසින් සිදුකරගෙන යන විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, බැංකුවට අයත් සමහර තොරතුරු එම දත්ත අතර ඇති බවයි.

මෙම සිදුවීම හඳුනාගත් විගසම, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ විශේෂඥයන් කණ්ඩායමකගේ සහය ලබාගත් අතර අදාළ සිදුවීම විමර්ශනය කිරීම, පාලනය කිරීම හා බැංකුවේ සයිබර් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබයි.

නීති ක්‍රියාත්මක කරන අදාළ ආයතන වෙත බැංකුව හැකි වහාම මේ සිදුවීම වාර්තා කළ අතර දිගින් දිගටම ඔවුන්ව යාවත්කාලීන කරමින් ඔවුන්ගේ විමර්ශනවලට පූර්ණ සහයෝගය ලබාදෙමින් සිටී.

බලපෑමට ලක්වී ඇති බව හඳුනාගත් පාර්ශවකරුවන්ව බැංකුව විසින් තනි තනිව සම්බන්ධ කරගනිමින් සිටී.

එමෙන්ම, බැංකුවේ මූලික මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ආරක්ෂිත හා ක්‍රියාත්මක තත්වයේ පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. සියලුම බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ගනුදෙනු සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව සිදු කළ හැක.

අපගේ පාරිභෝගිකයන්ගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, නීතිවිරෝධී ලෙස දත්ත ව්‍යාප්ත වීම පාලනය කරමින්, අපගේ සියලුම පාර්ශවකරුවන් ආරක්ෂා කිරීම සඳහා අදාළ බලධාරීන් සමග නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින්නෙමු.



අදහස් (0)

පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට කාගිල්ස් බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site