නිමල කොඩිතුවක්කු
ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියට සමගාමීව එහි අරමුණු දීප ව්‍යාප්තව සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ගික මෙවලමක් වශයෙන් 2025, 2026 සහ 2027 වර්ෂවලදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් (පවුල් 50ක් ආසන්න වශයෙන් පදිංචි) බැගින් තෝරා ගෙන සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශය පදනම් කර ගනිමින් ප්‍රජා ඵලදායි ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන මඟින් අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම, සංස්කෘතිය අධ්‍යාත්මක සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය යන ක්ෂේත්‍ර යටතේ හඳුනා ගනු ලබන ආදර්ශ නිර්ණායක මත පදනම්ව, තෝරා ගනු ලබන ගම් ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වශයෙන් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් යෝජිත වැඩසටහන සඳහා සුදුසු ගම තෝරා ගැනීම කරනු ලබයි. එලෙස තෝරා ගනු ලබන සෑම ගමක්ම නියෝජනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රේඛීය අමාත්‍යාංශවලට අයත් සියලු ක්ෂේත්‍ර නිලධාරීන් බල ගන්වමින් ඔවුන් හරහා ගමේ ජනතාවගේ අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සම්පුර්ණ කිරීම මෙම වැඩසටහන යටතේ අපේක්ෂිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහනක්