
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවිය මූල්‍ය සහ රක්ෂණ වෙබ් අඩවි අංශය සඳහා වූ රන් සම්මානය සහ හොඳම ජංගම පරිශීලක අත්දැකීම සහිත වෙබ් අඩවිය සඳහා වූ රන් සම්මානය LK Domain Registry විසින් සංවිධානය කරන ලද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශය යටතේ දිනා ගැනීමට සමත් විය. ඩිජිටල් නාලිකා භාවිතයේදී ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සමාගම ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ.
ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි වන ආකාරයට තම නිල වෙබ් අඩවිය සැලසුම් කර තිබීම නිසා සමාගමට මෙම සම්මාන ද්විත්වය හිමි විය. මෙම වෙබ් අඩවිය ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සේවා හා තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට සකස් කර ඇත.
මෙම සම්මානවල වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙම වසරේ දී ද BestWeb.LK සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අප සෑම විටම ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය වෙනුවෙන් කැප වී සිටින බවට මෙම සම්මාන සාක්ෂි දරනවා.”
එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවි සංවර්ධන සහකරු ලෙස E-futures ආයතනය කටයුතු කරණු ලැබූ අතර, ඔවුන් ද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී ඔවුන්ගේ විශිෂ්ට කාර්ය වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Awars) දිනා ගන්නා ලදී.
2025 ඔක්තෝබර් මස 08
1560
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් නිල වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්