පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි.
පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය මණ්ඩලය පැවසුවේ පසුගිය වසර 26 තුළ ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධානම සාධකය වී ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ විශ්වසනීයත්වය බවය.
110කට අධික ශාඛා ජාලයක් සහ 2400ක පමණ ශක්තිමත් ශ්‍රම බලකායක් සමඟින්, වර්ෂ 1996 දී ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට දීර්ඝ ගමනක් පැමිණ ඇත.
26වන සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේහි සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. සමාගමේ මූල්‍ය සේවා ජනතාවට ප්‍රවේශ විය හැකි හා ඇතුළත් විය හැකි බවට පත් කිරීම ඒකායන අරමුණ බවයි. එසේම“සාමාන්‍යයෙන් වඩාත් විධිමත් බැංකු ජාලයෙන් එම සේවා ලබාගැනීමට නොහැකි වන පුද්ගලයන්ට අපි මූල්‍ය ප්‍රවේශය ලබාදෙන” බවද සමාගමට ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සහ ක්‍රියාවලීන්, ගතික ශ්‍රම බලකායක් සහ ඉහළ තාක්‍ෂණික හැකියාවක්ද තිබෙනවා.
පීපල්ස් ලීසිං සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලිං මහතා පැවසුවේ සමාගම නම්‍යශීලීභාවය සමඟ මිත්‍රශීලී, පුද්ගලාරෝපිත සේවාවක් ලබාදීම මගින් තම සමාගම අනෙක් තරඟකරුවන්ගෙන් වෙනස් වීමට අඛණ්ඩව කටයුතු කරන බවය.
-සටහන- චමින්ද මුණසිංහ
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේහි සභාපති සුජීව රාජපක්ෂ මහතා
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පීපල්ස් ලීසිං 26 වැනි සංවත්සරය සමරයි