
භානුක අමරසිංහ
රජයේ සේවා රැසක් ක්‍රියාත්මක වන ලංකා රාජ්‍ය මේඝය (LGC – Lanka Government Cloud) සේවාවේ ඇතිවූ අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වාගෙන යන මාර්ගගත සේවා රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඊයේ (13) සඳහන් කළේය.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ග පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ-පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන රැසක වෙබ් අඩවි මීට අයිති වෙයි.
“ICTA ඉංජිනේරුවරුන් සහ සේවා සැපයුම්කරුවන් මෙම ක්ලවුඩ් සේවා කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටී.” යනුවෙන් ද එම ආයතනය පවසයි. එසේම ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන මෙම LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීමෙන් පවතින ධාරිතා සහ මෙහෙයුම් සීමා සපුරා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd