හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා කරන ලද සමස්ත වියදම පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී සියයට 47.9කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.5ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා කරන ලද සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් වන අතර අතර මේ වසරේ පළමු මාසයේදී ඒ වෙනුවෙන් කරන වියදම ඩොලර් මිලියන 49.5කි. ඒ අනුව එය සියයට 47.9ක අඩු වීමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව කියයි.
පසුගිය වසරේදී පෞද්ගලික රථවාහන ආනයන කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,573.5ක වියදමක් දරා ඇතැයි ද එය 2017 වසර හා සැලකීමේදී සියයට 103.7ක වෙනසක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආනයන අඩු කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා කෙරෙන වියදම කැපී පෙනෙන ලෙස අඩු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව එම ප්‍රවණතාව දක්නට ඇතැයි ද මහ බැංක-ුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න එවිට රථවාහන ආනයන වියදම බින්දුවට බහීවි.
ඕකෙන් වෙන්නේ වාහනයක් ගන්න සිහින මවන පොඩි මිනිහගේ බඩට වදින එක විතරයි. කෝ මැති ඇමතිවරුන්ට සහ අනවශ්‍ය අයට දෙන තීරු බදු රහිත බලපත් නවත්වලා නැහැනේ..
නිකමට හිතල බලන්න. පොදු ප්‍රවාහන පද්ධතිය උසස් මට්ටමක පවතී නම් පොඩි ලොකු භේදයකින් තොරව හැමෝටම පෞද්ගලික වාහනයක අවශ්‍යතාවය නැතුව යනවා. වෙනත් දියුණු රටවල් දෙස ඇස් ඇර බලන්න. අවශ්‍යනම් කුලී වාහන ඕන තරම්. කෙනෙකුගේ සමාජ තරාතිරම මනින්න අපි යොදාගෙන තියන එක මිනුම් දණ්ඩක් තමයි වාහනය. මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද. මේ වෙනස ඇතිකරන්න අපි කොතනින් හෝ පටන් ගනිමු.
ධම්මික මගේ අත්දැකීම අනුව යුරෝපයේ එක රටකින් කුලියට ගත් වාහනය වෙනත් රටකදී ආපසු බාරදිය හැකිය. දියුණුව යනුවෙන් මම අදහස් කලේ එවැන්නක්. අරාබියෙන් එලියට ඇවිත් දියුණු ලෝකය දිහා ඇස් ඇර බලන්න.