හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා කරන ලද සමස්ත වියදම පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී සියයට 47.9කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.5ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා කරන ලද සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් වන අතර අතර මේ වසරේ පළමු මාසයේදී ඒ වෙනුවෙන් කරන වියදම ඩොලර් මිලියන 49.5කි. ඒ අනුව එය සියයට 47.9ක අඩු වීමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව කියයි.
පසුගිය වසරේදී පෞද්ගලික රථවාහන ආනයන කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,573.5ක වියදමක් දරා ඇතැයි ද එය 2017 වසර හා සැලකීමේදී සියයට 103.7ක වෙනසක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආනයන අඩු කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා කෙරෙන වියදම කැපී පෙනෙන ලෙස අඩු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව එම ප්‍රවණතාව දක්නට ඇතැයි ද මහ බැංක-ුව පවසයි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 47කින් පහළට
Perakum Friday, 19 April 2019 12:10 PM
පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න එවිට රථවාහන ආනයන වියදම බින්දුවට බහීවි.
Dhammika Saturday, 20 April 2019 12:55 PM
ඕකෙන් වෙන්නේ වාහනයක් ගන්න සිහින මවන පොඩි මිනිහගේ බඩට වදින එක විතරයි. කෝ මැති ඇමතිවරුන්ට සහ අනවශ්‍ය අයට දෙන තීරු බදු රහිත බලපත් නවත්වලා නැහැනේ..
Perakum Sunday, 21 April 2019 04:00 AM
නිකමට හිතල බලන්න. පොදු ප්‍රවාහන පද්ධතිය උසස් මට්ටමක පවතී නම් පොඩි ලොකු භේදයකින් තොරව හැමෝටම පෞද්ගලික වාහනයක අවශ්‍යතාවය නැතුව යනවා. වෙනත් දියුණු රටවල් දෙස ඇස් ඇර බලන්න. අවශ්‍යනම් කුලී වාහන ඕන තරම්. කෙනෙකුගේ සමාජ තරාතිරම මනින්න අපි යොදාගෙන තියන එක මිනුම් දණ්ඩක් තමයි වාහනය. මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද. මේ වෙනස ඇතිකරන්න අපි කොතනින් හෝ පටන් ගනිමු.
DhammikaSunday, 21 April 2019 10:30 AM
දියුණු රටවල එක ගෙදර සාමාජිකයින් හැමෝටම වාහන තියනවා, පොදු ප්‍රවාහනයත් හොදටම තියනවා.. ඔබ මොකක් කරන්න කියලද මට කියන්නේ
PerakumMonday, 22 April 2019 12:38 AM
ඔබ දියුණු රටවල් කියන්නේ අරාබිකරයට බව ඉතා පැහැදිලියි. හොඳින් බලන්න. ලෝකයේ සැබවින් දියුණු රටවල වාහන නොමැති නිවාස සංඛ්‍යාව වැඩි බව පෙනෙනු ඇත. පොදු ප්‍රවාහනයෙන් ඕනෑම තැනකට යාහැකිය... තමන්ගේ වාහනයෙන් ගියොත් එය ගාල් කිරීම ගැටලුවකි. රථ ගාලේ සිට බොහෝ දුරක් නැවත පා ගමනින් යා යුතුවේ. දුර ගමනකට අවශ්‍යම නම් කුලී පදනම මත සුදුසු වාහනයක් ගතහැකිය. එක නගරයකින් ලබාගන්නා වාහනය වෙනත් නගරයක ඔවුන්ගේ ආයතනයේ ශාඛා කාර්යාලයට ආපසු බාරදිය හැකිය. දියුණු රටවල් දෙස නැවත ඇස්හැර බලන්න...
Perakum Monday, 22 April 2019 05:31 AM
ධම්මික මගේ අත්දැකීම අනුව යුරෝපයේ එක රටකින් කුලියට ගත් වාහනය වෙනත් රටකදී ආපසු බාරදිය හැකිය. දියුණුව යනුවෙන් මම අදහස් කලේ එවැන්නක්. අරාබියෙන් එලියට ඇවිත් දියුණු ලෝකය දිහා ඇස් ඇර බලන්න.