පුත්තලම පාලවියේ නව ගුවන්තොටක් ඉදිකිරීම සඳහා රජය රුපියල් කෝටි 75ක් වැය කිරීමට යයි.
මේ සඳහා හෙක්ටයාර 26ක ඉඩම් රජයට අත්පත් කරගැනීමට නියමිතය. අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනයට ද සංචාරක ව්‍යාපාරය ඇතුළු දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම රජයේ අරමුණයි.
මඩකලපුව ගුවන්තොට පිළිසකර කිරීමට රජය රුපියල් කෝටි 20ක් වැය කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනවශ්‍ය දෙයක්. මේවායේ වියදම් බදු වශයෙන් අනාගතයේදී දුප්පත් මිනිසුන්ටයි ගෙවන්න වෙන්නේ. (නි)
ඔය ගුවන් තොටුපල හදන තැන නාය යන පැතිවල මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් නරකද?
දැන් ගුවන් තොටුපලවල් හැදුවා කියලා මිනිස්සු යයිද?(හේ)
බොරු වැඩනේ මේ.(හේ)
පුත්තලමේ නෙමේ රටේ කොයි කොනේ හැදුවත් මිනිස්සුන්ට සල්ලි තියෙනවද ඕො වල යන්න එන්න මේ තියෙන ජීවන බරත් එක්ක.(හේ)
මේ අනවශ්‍ය රජයේ වියදම් වලට එරෙහිව දැවැන්ත පෙත්සමක් පටන්ගත යුතුවේ. (නි)
තේරුමක් නැති වැඩක්. මිනිසුන්ට වාහන ගන්න බැරිවෙන්න බදු ගහලා හේතුව විදියට කිව්වේ පාරේ වාහන වැඩියි කියලානේ. ඉතින් ඒවාට විකල්ප හොයන්නේ නැතුව මොකටද මේ බොරු වැඩ. හොඳ අධිවේගී මාර්ග වලින් ලංකාව ලේසියෙන්ම ආවරණය කරන්න පුළුවන් පැය 3-4කින් යාපනේ ඉදන් ගාල්ලට යන්න වුණත්. එතකොට ලංකාවට තවත් අලුතින් ගුවන් තොටුපළවල් ඕනෑ වෙන්නේ නැහැ (නි)
මම නම් කියන්නේ නුවර පැත්තේ වරායකුත් හදන්න ඕනෑ. (නි)
ඕකෙත් ඉතින් ලුණු හරි කරවල හරි වේලන්න පුළුවන් වෙයිනෙ.. වී වේලන්න නම් අපිට දැන් එකක් තියෙනවනේ..(බ)
ලෙඩක්, මරණයක් වුණාම ඇළ, දොළ, එ්දණ්ඩු තරණය කරන පිටිසර ගම්මාන තිබෙන රටේ, ගුවන් තොටුපළවල් සෑම තැනකම. (නි)
මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා
එච්චරයි දැන් අඩු. (නි)
අඩු මුදලකට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවාවක් ආරම්භ කරන්න.(හේ)
දැන් කාර් වල ගණන් බැලුවහම ලගදිම ගුවන් යානාවල මිලට වඩා වැඩිවෙයි. (ර)
පාන් නැත්නම් කේක් කාපන් කිව්ව වගේ කාර් නැත්නම් ප්ලේන් අරගනිල්ලා කියලනේ මේ අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනය කරන්න හදන්නේ. (බ)
පාන් නැත්නම් කේක් කාපන් කිව්ව වගේ කාර් නැත්නම් ප්ලේන් අරගනිල්ලා කියලනේ මේ අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනය කරන්න හදන්නේ. (ර)
මේවා නිකන් බොරු වැඩ (නි)
පුත්තලමේ ඉඳල කටුනායකට එන්න ගත වෙන්නේ ඉතා කෙටි කාලයකි , අනාගතේදී මෙම ගුවන් තොටුපලත් අර ගුවන්යානා නොඑන ගුවන්තොටුපලවල ලිස්ට් එකට එකතුවේවි , මඩකලපුවේ සහ පලාලි ගුවන් තොට සංවර්ධනය කිරීම හොන්ද දෙයකි (ම)
අදහස් පළකරන බොහෝ දෙනා කරුණු නොවටහාගත් සෙයකි. මෙය ජාත්‍යන්තර ගුවන් තොටක් නොව, රට තුළ ගුවන් ගමන් සඳහා පමණි. සංචාරක කර්මාන්තයට මුල්තැනක් දෙන රටක මෙවන් ගුවන් තොටවල් අවශ්‍ය වේ (නි)
ඉක්මනින් ලුනුයි බුරුවෝයි ප්‍රවාහනය කරන්න වෙන්න ඇති....(බ)
ඉස්සරහට සරුංගලයක්වත් යවන්න බැරිවෙයි ඕවායේ හැපෙන්නේ නැතුව (නි)
මෙතන කමෙන්ට් කරන අය කියන ඒවා කරන්න බැහැ මේක අලුත් වැඩක්. (ර)
රටේ බදු මුදල් වලින් නැතිව,පොලියට නැතිව, දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා ගව රැලක් ඔක්කොටම කන්න දෙන්නේ සෞදි වලින් අම්මල එවන සල්ලිවලින් (බ)
ගුවන් යානා වලට වැට් ගැහුවේ නැත්තේ ඒකයි එහෙනම්. ඇල්ටෝ එක විකුණලා ඉන්දියාවෙන් කුඩා ගුවන් යානාවක් ගන්න ඕනෑ. (නි)
මේ පැත්තට ගුවන් තොටුපලක් ඕනේත් නෑ.(හේ)
එයාර් ලංකාව වහනව රටට හිමි ගුවන් යානා ගත් මිලකුත් බොහෝ වැඩි මෙහෙම කියපු අය තොටුපල හදන හැටි අනේ බලව් පුදුමයි දිව දෙකක හැටි! (බ)
හදල තියන මත්තල ප්‍රයෝජනයට ගන්න සැලසුමක් නැති රජයට අැයි තවත් මේ වගේ ගුවන් තොටුපොළවල් හදන්නේ? කොමිස් ගහන්නද ? (බ)
මට නම් මේ ව්‍යාපෘතියේ වරදක් පේන්නේ නෑ. ජාත්‍යන්තර ගුවන් තොටක් නොවේ නේ කාටත් ප්‍රයෝජනවත් වෙයි (බ)
හරියට ප්‍රවාහන සේවය හදන්නේ නෑ. ගුවන් තොට හදන්නේ රට ඇතුලේ අහසින් යන්න වෙන්න ඇති නැතුව අපිටනම් දැන් බස් එකේ යන්නවත් අතේ සතේ නෑ ආර්ථික ප්‍රතිපත්ති නිසා. (බ)
හරියට ප්‍රවාහන සේවය හදන්නේ නෑ. මේවා කරලා වැඩක් වෙයිද.? (ර)
දැන් හැමතැනම ගුවන් තොටුපලවල් හදන්නද හදන්නේ.(හේ)
මේ එකක්ම මගී සේවාවකුත් ආරම්භ කරන්න.(හේ)
පුත්තලමේ නෙමෙයි ඕක හදන්න ඕන . පොලොන්නරුවෙයි ඕක හදන්න ගැලපෙනම ස්ථානය . පොළොන්නරුවේ ලොකු ගුවන් තොටුපොළක් හැදුවොත් ත්‍රිකුණාමලේ , යාපනේ ජනතාවටත් එන්න පහසුයි .එතකොට විශේෂයෙන්ම යාපනයට ගුවන් තොටුපොළක් අවශ්‍ය වෙන්නේ නැහැ . අනික යාපනේ ජනතාවට පමණක් රටේම ජනතාවගේ මුදල් වලින් යාපනේ ගුවන් තොටුපොළක් හදන එක කොහොමටවත් හරියන්නේ නැහැ . යාපනේ හැදුවොත් පොළොන්නරුවේ , අනුරපුරේ , ත්‍රිකුණාමලේ අවට ජනතාවට ලොකු දුරක් යන්න වෙනවා . පොළොන්නරුවේ හැදුවොත් යාපනේ , ත්‍රිකුණාමලේ , පොළොන්නරුවේ අනුරපුරේ , හලාවත නුවර ඕනෑම කෙනෙක්ට ඉක්මනට එතනට යා හැකියි . පුත්තලමේ හැදුවොත් මෙය අසාර්ථක වෙනවා . ගැලපෙනම තැන තමයි පොලොන්නරුව .(හේ)
හොදයි ඉතින්. (හේ)
කාලයක් බැන්නා මත්තල ගුවන් තොටුපලට.දැන් තවත් එකක් හදනවා.(හේ)
අපෝ ගුවන් තොටුපලවල් නම් ආයේ. බොරු වැඩනේ මේ.(හේ)
'එයාර් ලංකා වහනවා, ගුවන්යානා ගත් මිලත් බොහෝ වැඩියි' මෙහෙම කියපු අය තොටුපල හදන හැටි. අනේ බලව් පුදුමයි දිව දෙකක හැටි! (නි)
පුත්තලමට එපා ඕක හදන්න.(හේ)
ලංකාවේ දිස්ත්‍රික්ක 24ම ගුවන් තොටුපලවල් හදමුකෝ.(හේ)
මත්තලින් ප්‍රයෝජනයක් ගත්තොත් නේද හොද?(හේ්)
මේ වැඩේ ප්‍රතිඵලයක් නැහැ.(හේ)
එක පැත්තකින් බලද්දි හොදයි.(හේ)
මත්තල හැදුවහම මෙයාලා මොනවද කිව්වේ? දැන් පුත්තලමේ හදන්න හදන්නේ මොකටද? (නි)
පොළොන්නරුවෙයි ඕක හදන්න ගැළපෙනම ස්ථානය. මොකද හොඳ වී ගබඩාවක් පොළොන්නරුවට ඕනෑකර තිබෙනවා (නි)
වෙනස නොපෙනෙන බොහෝ අයට තමුන් ලියන්නෙ මොනවාද නොදැන නොලියා යමක් දැනගෙන ලිවීම පොදු යහපතට පෙරලේ. ඉතින් මෙම ගුවන් තොට සුදුසු වන්නේ අනුරාධපුර නගරයට බව දැනගනිමු. (ර)
වෙනස නොපෙනෙන බොහෝ අයට තමුන් ලියන්නේ මොනවාද නොදැන නොලියා, යමක් දැනගෙන ලිවීම පොදු යහපතට හොඳයි. (නි)
මේ වගේ පුංචි රටකට ගැලපෙනවද?(හේ)
කරන්න හදන දේ හොදයි. ඒත් මේ දේ කාලෝචිතද?(හේ)