IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පිට පිට කාර්තු හතක් මෙරට ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

  • ට්‍රම්ප්ගේ බද්දෙන් එල්ල වන කෙටි කාලීන බලපෑම මර්දනයටත් දීර්ඝ කාලීන බලපෑම පාලනයටත් සූදානමක් ඕනෑ
  • පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන
  • මෙරට ණය ස්ථායිතාව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ සියයට 3 ක ආර්ථික වර්ධන වේගයක්
  • පසුගිය වසර දෙක, තුනක කාලයේ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන
  • දැනට තිබෙන දත්තවලට අනුව ඉදිරියටත් සියයට 3 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක්
  • දීර්ඝ කාලයකට පසුව බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණයේ සියයට 16.1 ක වර්ධනයක්
  • ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 3 කින් අවප්‍රමාණය වෙලා

විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකාව ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා තවමත් සාකච්ඡා පැවැත්වෙන බවත්, ශ්‍රී ලංකා මහා බැංකුව එහි තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු පමණක් බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

සාකච්ඡා පැවැත්වෙන්නේ මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බවත්, ඒ හේතුවෙන් එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් තමන්ට අදහස් දැක්විය නොහැකි බවත් ඔහු පැවැසුවේය. තවමත් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බැවින් දැනට මෙරට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද වෙනස් විය හැකි බවත්, කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් මෙරටට එල්ල වන කෙටි කාලීන බලපෑම මර්දනය කිරීමටත්, දීර්ඝ කාලීන බලපෑම පාලනය කිරීමටත් සූදානමක් තිබිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබෙන බවත්, ඒ අනුව 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට පිටපිට කාර්තු හතක් අඛණ්ඩව මෙරට ආර්ථිකය වර්ධනය වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ ඇස්තමේන්තුවට අනුව මෙරට ණය ස්ථායිතාව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ සියයට 3 ක ආර්ථික වර්ධන වේගයක් බවත් පසුගිය වසර දෙක, තුනක කාලය තුළ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැනට තිබෙන දත්තවලට අනුව ඉදිරියටත් සියයට 3 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක අරමුණ වන්නේ රටක ස්ථායිතාව පවත්වාගෙන යාම බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමට උදව් වන ඇතැම් දේ හඳුනාගෙන නිර්දේශ කර ඇතත්, එය එම අරමුදලේ කාර්යභාර්යයක් නොවන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. රටේ ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමේ වගකීම පැවැරෙන්නේ රජයට සහ රටේ ප්‍රතිපත්තිවලට බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. මෙරට දුප්පත්කම ඉහළ යාම හේතුවෙන් සමාජ ආරක්ෂණ දැල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රදාන නිර්දේශයක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

වසරකට වැඩි කාලයක් මෙරට බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදී තිබූ ණයවල හැකිලීමක් වාර්තා වී තිබූ බවත්, දීර්ඝ කාලයකට පසුව බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය සියයට 16.1 ක වර්ධනයක් වාර්තා කර තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් රාජ්‍ය ව්‍යවසාය බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ලබාගන්නා ණය ප්‍රමාණය පහළ යනු ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලික අංශය බලපත්‍රලාභී බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයට තවත් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය. පෞද්ගලික අංශය ලබාගෙන ඇති නය සේවා, කර්මාන්ත හා කෘෂි කර්ම යන අංශ අතර ප්‍රධාන වශයෙන් බෙදී ගොස් ඇති බවත් පෞද්ගලික ණය ලබාගෙන ඇති ප්‍රමාණයද ප්‍රසාරණය වී තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

එහිදී අදහස් දක්වමින් මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්.ජෙගජීවන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර දෙකක පමණ කාලයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වුවත් මෙම වසරේ පෙරේදා (22) දක්වා ගෙවුණු කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 3 කින් අවප්‍රමාණය වී ඇති බවය.

වෙළෙඳ හිඟය පුළුල් වීමක් සිදුවුණද විදේශීය අංශය ශක්තිමත්ව පැවැති බව ඇය ප්‍රකාශ කළාය. සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ ලැබීම් තවදුරටත් වර්ධනය වූ බවද ඇය පැවැසුවාය. මෙම වසරේ පළමු මාස 6 තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක මුදලක් මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 6 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් වූ බවත් ඇය පෙන්වා දුන්නාය.

එසේම විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ආචාර්ය ජෙගජීවන් මහත්මිය ප්‍රකාශ කළාය. පසුගිය වසරේ පළමු මාස 6 තුළදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 වූ බවද ඇය පැවැසුවාය.

 



අදහස් (0)

පිට පිට කාර්තු හතක් මෙරට ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site