(ගයාන් සූරියආරච්චි)
කැලණිය සරසවියේ තිරසර විසඳුම් මධ්‍යස්ථාන විසින් පොකැට්ටුවේ දමාගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක් හඳුන්වාදී තිබේ. එය සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ පොකැට්ටුවෙන් බාගයක පමණ ප‍්‍රමාණයක බහාලිය හැකිය.
පොලිතින් වෙනුවට ඉදිරිපත් කෙරෙන විකල්පයක් ලෙස මෙම බෑගය හැඳින්විය හැක. කැලණි සරසවිය හඳුන්වාදෙන විකල්පය බෑගය පිළිබඳව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා අදහස් දැක්වූයේ මෙසේය.
‘‘2016 වසරේ සිට අප විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතය තහනම් කළා. එහිදී අප විශ්වවිද්‍යාලයේ පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ ශිෂ්‍යයන්ට ෆයිල් කවරයක්, ආහාර පාර්සලයක් රැුගෙන යන්නේ කුමන විකපල්පයකද යන්න මූලිකව ඇතිවූ ගැටලූවයි. ලන්ච් ෂීට් භාවිතය වෙනුවට අප ආපන ශාලාවේ දැනට පිඟනකට ආහාර බෙදාදීම සිදුකරන අතර ශිෂ්‍යන් විසින්ම පිඟාන සෝදා පිරිසිදු කිරීමේ කටයුත්ත සිදුකරනවා. ලන්ච් ෂීට් වෙනුවට ඔවුන් කෑම පෙට්ටි භාවිත කිරීම සිදුකරනවා. ලන්ච් ෂීට් භාවිත කරන කාලයේ සතියකට ලන්ච් ෂීට් 50,000 ක් පමණ භාවිත කළා.
‘‘ඒ අනුව මාසයකට ලක්‍ෂ 2 ක් පමණ භාවිත කළා. විශ්වවිද්‍යාල පොලිතින් තහනමත් සමඟ අප ලන්ච් ෂීට් මිලියන ගණනක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඉන් අනතුරුව අපට ඇති ගැටලූව දරුවන්ට ෆයිල් කවරයක්, පොත් ටිකක්, කෑම පෙට්ටියක් රැුගෙන යාමට අවශ්‍ය විකල්ප බෑගයක් හඳුන්වාදීමයි. දැනට වෙළෙඳ පොළේ පවතින විවිධ ද්‍රව්‍ය පරීක්‍ෂා කර පහසුවෙන්, බර අඩුවෙන් භාවිත කළ හැකි විකල්ප බෑගයක් නිර්මාණය කිරීමට පෙළැඹුණා.’’
‘‘එය ඕනෑම අයකුට පහසුවෙන් තමන්ගේ බෑගයේ හෝ සාක්කුවේ දමාගෙන යාහැකි පරිදි මෙය නිපදවා තිබෙනවා. එමගින් කිලෝ 5 ක පමණ බරක් රැුගෙන යා හැකිය. මෙම බෑගයේ අමුද්‍රව්‍යවල යම් ප‍්‍රමාණයක් පොලියෙස්ටර් සහ නයිලොන් අඩංගු වෙනවා. අප සාමාන්‍යයෙන් අඳින පොලියෙස්ටර් ඇඳුම් රෙදි ගණයට වැටන්නේ. මේ බෑගයත් රෙදි ගණයට තමයි අයත් වෙන්නේ. මෙය වසර දෙකක් හෝ නිවැරැුදිව භාවිත කළ හොත් වසර 3 ක් පමණ භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මෙය ඇත්තටම පන්, කොහු ලණුවලින් සැදූ බෑග් වගේ නෙවෙයි. ඒවා ඉක්මනට දිරාපත් වෙලා යනවා. ප්ලාස්ටික් සහ පොලිතින් වලට සාපේක්‍ෂව ඉතා අඩුකාලයකින් පරිසරයේ දිරාපත් පත්වී යනවා. මෙය දැනටමත් ලොකයේ බොහෝ රටවල් පොලිතින්වලට විසඳුමක් ලෙස භාවිත කරනවා. අප මෙහිදී සිදුකළේ අපේ රටේ වෙළෙඳපොළේ පවතින ඊට සුදුසුවන අමුද්‍රව්‍ය සොයාගෙන නව සැලැස්මක් ඉදිරිපත් කිරීම අප සිදුකළා. මේවන විට මෙය වෙළඳපොළට හඳුන්වාදෙන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඉදිරියේදී එය වෙළෙඳපොළට හඳුන්වාදීමට අප සැලසුම් සකස් කරනවා. අනෙක මෙය තවදුරටත් භාවිත කරන කාලය, රැගෙන යාහැකි බර වැනි විශේෂතා වැඩි කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.’’
මෙය නිර්මාණය කිරීමේදී උපකුලපති මහාචාර්ය ඞී.එම්. සේමසිංහ සහ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මහාචාර්ය රංගිකා බණ්ඩාර, ආචාර්ය සුජීවා ද සිල්වා, ආචාර්ය වසන්ත ජයතිස්ස, ආචාර්ය දිල්රුක්‍ෂි රත්නායක, ආචාර්ය වසන්ති රූපසිංහ, ආචාර්ය නාරද ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහයෝගය දක්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අනිවාර්ය කරන්න.තවමත් කඩවල දෙන්නේ පොලිතින් බෑග් .
සරත් පොඩ්ඩක් ඉවසන්න. වාණිජ මට්ටමෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස නිෂ්පාදනය ඇරඹු පසු ඔබේ අදහස ඉටුවේවි.
බටහිර රටවල බෑගයකට මුදලක් අය කරනවා. ඒ නිසා බෑගයක් ගෙදරින් ගෙනියන්න පුරදු වෙලා ඉන්නවා සෑම කෙනෙක්ම. මේ පින්තූරයේ පෙන්වාදි තියෙන ලෙසටම බෑග් විකුනන්නත් තියෙනවා. මහගන්නත් හරිම පහසුයි. පේනවානේ ඒ මහත්මයා අතේ තියෙන ලෙසට , අත් කට,කර කපා වාටිය මසා ගැනීම පමනයි. සෝද සෝදා පාවිච්චි කරන්න පිලිවන්
රෙද්ද ලාබයි නම් කමිසයක්, හැට්ටයක්, සායක් මහගන්නට හැකිවේවි !!!
අපේ රටට මෙහම ගියොත් හොඳ කල දවසක් යාවි... මෙය නිර්මාණය කරන්න සහයෝගය දුන් සැමට ගොඩක් පින්... ප්ලාස්ටික් වතුර බෝතල්වලටත් ඉක්මන් විසඳුමක් ලැබේවි !!! ස්තුතියි...
ඇත්තටම මෙහි ප්‍රයෝජනයක් තිබෙනවා වගෙයි. බඩු ගෙනයන්නටම වාගෙත් හදිසියකට උඩ කොටසටත් ඇඳගන්නටත් පුලුවන් වගෙයි.
අපි බඩු ගන්න යනවිට බෑගයක් අරන් යනවා. ඇමෙරිකාවේ අප ඉන්න පළාතේ බෑගයකට සත පහක් අයකරනවා. මෙය ගණන් නොගත යුතු මුදලක් වුවත්, එයින් අපි බෑගයක් ගෙදරින් ගෙනයන්න පුරුදු වුණා. මෙහෙ පොලිතින් තහනම් නැහැ.