IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිහාල් ෆොන්සේකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිහාල් ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 26 වැනිදා සිට බලාත්මක වන පරිදි ෆොන්සේකා මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 70 ක් බවත් සමාගම පවසයි.
පසුගිය ජූනි 26 වැනිදා පැවැත්වුණු සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි කොටස් හිමිකරුවන් විසින් මෙම නව පත්කිරීම කර ඇති අතර, එහිදී ඒ මහතාගේ වයස පිළිබඳ කාරණාව ද නිරාකරණය කරගත් බව සමාගම පවසයි. විශ්‍රාමික බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා වර්තමානයේදී මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා ෆීනිකිස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපතිවරයා ද වෙයි. ඔහු මීට පෙර කොළඹ කොටස් හුවමාරුවේ හිටපු සභාපතිවරයකු ලෙස ද කටයුතු කර තිබේ. 



අදහස් (0)

නිහාල් ෆොන්සේකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site