
පොල් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සිදු කරන දිගු කාලීන වැඩසටහන තවදුරටත් පුළුල් කරයි.
උතුරු පළාතේ ග්‍රාමීය පවුල් 500කට සෙත සලසමින් නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමේ තවත් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය සමඟ වන වසර 8ක හවුල්කාරිත්වය සනිටුහන් කරමින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන යටතේ මෙරට පොල් වගාව ව්‍යප්ත කිරීමේ අරමුණින් දෙමුහුන් පොල් සහ ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයා දීමට සමත් විය. මේ තුළින් 5000කට අධික ගෘහ වගාකරුවන් පිරිසක් වෙත සහයෝගය දැක්වීමට හැකි වීම විශේෂත්වයකි. එසේම මෙම වැඩසටහනට සමගාමීව පුහුණු වැඩසටහන් පවත්වමින් සහ පොහොර ලබා දෙමින් පොල් වගා කිරීමේ සම්මත භාවිතයන් සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් පුහුණු කිරීමටද කටයුතු කරන ලදී.
මෙම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කළමණාකාර මංජුල හේවාමාලවි මහතා “බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා නෙස්ලේ පොල් සංවර්ධන සැලසුම තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මම ඉතා සතුටට මෙන්ම ආඩම්බරයට පත්වනවා. වසර ගණනාවක් තිස්සේ මෙම වටිනා වැඩසටහන තුළින් සාම්ප්‍රදායික නොවන පොල් වගා කරන ප්‍රදේශවල පොල් වගාව දිරිමත් කිරීමට ඉවහල් වූ බව සඳහන් කළ හැකියි. එමෙන්ම පොල් වගාවේ ශිල්පීය ක්‍රම වැඩි දියුණු කිරීමට, අභියෝගවලට මුහුණ දීමට මෙන්ම පොල් වගාව සඳහා නව අවස්ථාව සොයායාමට උපකාරි වන දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාවක් ලෙසද මේ තුළින් සුවිසල් මෙහෙවරක් ඉටු වනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “අපගේ දිගුකාලීන පොල් සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ පොල් වගාව ඉහළ නැංවීම සඳහා වන නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ විශාලතම පිටි කළ පොල් කිරි අපනයනකරුවා ලෙස විවිධ ප්‍රදේශයන්හි ගෘහ වගාකරුවන් වෙත අපගේ සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳව මම ඉතා සතුටට පත්වනවා. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ අපගේ නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමේ පවුල් සමඟ එක්ව පරිසරයටද යහපත්වන හිතකර පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත් ඇතුළු සම්මත භාවිතයෙන් මෙම වටිනා බෝගය ව්‍යාප්ත කිරීමේ අවස්ථා ඉහළ නැංවීමට අපි කටයුතු කර තිබෙනවා. දේශීය පොල් කර්මාන්තය හා ආර්ථිකය වෙනුවෙන් ජීවිත නගා සිටුවීම හා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ස්වයංපෝෂිත පොල් වගාවක් ඇති කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන පිළිබඳව අප ඉතා ආඩම්බර වනවා” යනුවෙනි.
වසර 115කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කරන නෙස්ලේ සමාගම තම පොල් සංවර්ධන සැලසුමෙහි ප්‍රතිලාභීන්ට අමතරව මධ්‍ය හා මහා පරිමාණ පොල් ගොවියන් 8000කට අධික පිරිසකගේ ජීවනෝපාය සඳහා සහයෝගය ලබා දෙමින් දේශීය පොල් කර්මාන්තය වෙනුවෙන් බිලියන ගණනක දායකත්වයක් ලබා දෙයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 100කට ආධාර