IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නෙස්ලේ නවතම නිෂ්පාදනය ‘මැගී පපරේ බ්ලාස්ට්’ එළි දකී

මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රිය නෙස්ලේහි ‘මැගී පපරේ’ වෙළෙඳ නාමය යටතේ hot and spicy ගණයට තවත් අසමසම රසයක් පාරිභෝගිකයන් වෙත ලබා දීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ ‘‘මැගී පපරේ බ්ලාස්ට්’ හඳුන්වා දෙමිනි. මෙම රසවත් නව නිෂ්පාදනය සෑම කටගැස්මකදීම පුපුරා යන රසක්  ලබා දීම විශේෂත්වයකි.

‘රස පත්තු වෙන මැගී පපරේ බ්ලාස්ට්’ යන්න තේමා කරගත් මෙම නවතම නිෂ්පාදනය රස නහර පිනවන්නට සමත් වනු ඇත්තේ අන් කිසිවකටත් වඩා වෙනස්ම රසයක් ඔබ වෙත ගෙන එමිනි. ලූණු කුඩු, කරපිංචා, මිරිස් කුඩු, සුදු ලූනු හා ගම්මිරිස් ඇතුළු ආහාර රස ගන්වන ස්වභාවික සාරයන්ගෙන් නිෂ්පාදනය කර ඇතිිමැගී පපරේ බ්ලාස්ට්’ හි කිසිදු කෘතිම රස කාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් වඩා වැඩි රසයක් මුවගට එක් කිරීමට සමත් වනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. “ මැගී පපරේ බ්ලාස්ට් නිෂ්පාදනයේදී පාරිභෝගිකයා වඩාත් කැමති රස පිළිබඳ ඉතා හොඳින් අධ්‍යනය කිරීමට අපි කටයුතු කළ අතර අපගේ සූප ශාස්ත්‍ර හැකියාව උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට ගැළපෙන අද්විතීය රස එකතුවක් නිර්මාණය කිරීමට ඒ හරහා අපට හැකියාව උදා වුණා.” 

වසර 30කට අධික කාලයක් සුවහසක් ශ්‍රී ලාංකීය නිවෙස්වල නොමඳ ආදරය දිනාගෙන සිටින මැගී නූඞ්ල්ස්, නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට හොඳම අමුද්‍රව්‍ය යොදා ගනිමිනි.

 



අදහස් (0)

නෙස්ලේ නවතම නිෂ්පාදනය ‘මැගී පපරේ බ්ලාස්ට්’ එළි දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site