(ඉන්දික අරුණ කුමාර)
ගෝවා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිකමින් නාඋල ප්‍රදේශයේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි නාඋල ගෝවා වගකාරුවෝ පවසති.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 30 ක් පමණ වන බව බව කී ඔවුහු මෙම මිල තත්ත්වයේ අවමවීම හේතුවෙන් විශාල මුදලක් වැයකර වගාබිම් කිහිපයක සාර්ථකව වගාකර ඇති ගෝවා අස්වැන්නෙන් තමාට ආර්ථික වාසියක් නොලැබෙන බව ඔවුහු කියති.
අස්වනු නෙළීමේ තත්ත්වයේ පවතින බොහෝ ගෝවා වගාකරුවන්ගේ අස්වනු මේ වන තෙක් නෙළා අවසන් කර නැත්තේ නිසි මිලක් නොමැතිකමින් බව ගෝවා වගාකරුවකු වන ඩී. එම්. සීලරත්න මහතා කියා සිටියේය.
බීජ, කෘෂි රසායන මෙන්ම පොහොර සඳහා වැය කළ මුදල හෝ සිය වගාව අලෙවියෙන් ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ගෝවා වගාකරුවෝ වැඩිදුරටත් පවසති.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිසි මිලක් නොමැතිකමින් ගෝවා වගාකරුවෝ කබලෙන් ලිපට
Perakum Tuesday, 09 April 2019 06:11 AM
කෘෂිකර්ම බලධාරීන් තමන්ගේ සුඛ විහරණය සලසා ගන්නවා පමණයි. ගොවියාගේ දුක් ගැනවිලි ඔවුන්ට නොඇසේ, නොපෙනේ. කාගේ අවාසනාවද?
Rohitha Tuesday, 09 April 2019 12:51 PM
අධික ලෙස කෘමිනාශක පාවිච්චි කරන නිසා මිනිස්සු ගෝවා කන්න කැමති නෑ
පාල ගාල්ලගේ Tuesday, 09 April 2019 02:54 PM
අද (09) ගාල්ලේ සතිපොලවල ගෝවා 500 රුපියල් හතලිහයි- පනහයි...
Sumith Tuesday, 09 April 2019 07:22 PM
ගොවීන්ට සෙතක් නැහැ ගොඩනැගිලිවලට කුලී ගෙවාගෙන කට්ටියට සැප
sarath Wednesday, 10 April 2019 02:19 AM
බහුතර ක්ෂේත්‍ර නිලධාරින් පැසසිය යුතු රාජකාරියක් කරනවා. වෙළඳපොල පාලනය රජය භාර ගතයුතුයි .
Perakum Wednesday, 10 April 2019 02:34 PM
වෙළඳපළ පමණක් නොව කෘෂි වගා රටාවද රජය විසින් දැඩි ලෙස පාලනය නොකළහොත් ගොවියා මෙලෙසින් අසරණ වීම වැළැක්විය නොහැකිය...
Perakum Thursday, 11 April 2019 07:41 AM
අපිත් ගෝව කෑම නවත්තල ටිකක් කල්. දැන් ගොවියෝ ගෝව කඩන දාට කලින්දා වගාව කෘමි නාශක වලින් නාවන්න පුරුදු වෙලා.
Sumith Friday, 12 April 2019 02:24 PM
සුපිරි වෙළඳසැල්වල ගෝවා ග්‍රෑම් 500 රුපියල් 60යි. ගොවියන්ගේ තොග මිල රුපියල් 15යි. ලංකාවේ ගොවියන්ගේ ආර්ථිකය කොහොමද?
PerakumMonday, 15 April 2019 08:35 AM
රජයකින් විය යුතු සේවය සිදු නොවන බවට අපි කොච්චර කීවත් වැඩක් නෑ. දියවන්නාවේ 225 ටම මේවා පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ. අපේම අවාසනාව.