භානුක අමරසිංහ
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කළ පෞද්ගලික කොටස් ගනුදෙනුව අත්හැර දමන බව එම සමාගම පවසයි. ඊයේ (29) දිනයේදී එම සමාගම ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව සඳහන් කර තිබේ.
සමාගමට අවශ්‍ය රුපියල් බිලියන 3ක මුදලක් රැස් කරගැනීම සඳහා මෙම පෞද්ගලික කොටස් ගනුදෙනුව සිදුකිරීම සැලසුම විය. මෙහිදී නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් ශත 10ක් බැගින් කොටස් බිලියන 30ක් අලෙවි කිරීම සැලසුම විය. සුගත් රත්නවර්ධන හෝල්ඩින්ග් සිලෝන් නම් සමාගමක් වෙත එම කොටස් ලබාදීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් මෙම පෞද්ගලික කොටස් ගනුදෙනුව සිදු නොවන බවත්, අදාළ කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් සමාගම ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත්‍රය අවලංගු කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු යොදා තිබෙන බවත් එම සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd