IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නේෂන් ලංකා ෆිනෑන්ස් සැලසුම් කළ රු.බි. 3ක පෞද්ගලික කොටස් ගනුදෙනුව අත්හැර දැමේ

භානුක අමරසිංහ

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කළ පෞද්ගලික කොටස් ගනුදෙනුව අත්හැර දමන බව එම සමාගම පවසයි. ඊයේ (29) දිනයේදී එම සමාගම ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව සඳහන් කර තිබේ. 

සමාගමට අවශ්‍ය රුපියල් බිලියන 3ක මුදලක් රැස් කරගැනීම සඳහා මෙම පෞද්ගලික කොටස් ගනුදෙනුව සිදුකිරීම සැලසුම විය. මෙහිදී නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් ශත 10ක් බැගින් කොටස් බිලියන 30ක් අලෙවි කිරීම සැලසුම විය. සුගත් රත්නවර්ධන හෝල්ඩින්ග් සිලෝන් නම් සමාගමක් වෙත එම කොටස් ලබාදීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් මෙම පෞද්ගලික කොටස් ගනුදෙනුව සිදු නොවන බවත්, අදාළ කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් සමාගම ඉදිරිපත් කරන ලද ඉල්ලු‍ම්පත්‍රය අවලංගු කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු යොදා තිබෙන බවත් එම සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

 



අදහස් (0)

නේෂන් ලංකා ෆිනෑන්ස් සැලසුම් කළ රු.බි. 3ක පෞද්ගලික කොටස් ගනුදෙනුව අත්හැර දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site