IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


නිෂ්කාෂණ ප්‍රමාදයෙන් වරායේ වාහන ගොඩගැසේ

  • ලිපිගොනුවල තිබෙන ගැටලු‍ත් ප්‍රමාදයට හේතුවක්
  • හම්බන්තොට වාරයේ මෝටර් රථයකට මාසයක් සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ තුනක්
  • කොළඹ වාරයේ මෝටර් කාර් රථයකට මාසයක් සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර
  • රේගුවේ වාහන මුදා හැරීමට ප්‍රමාදවීම සහ ලිපිගොනුවල තිබෙන ගැටලු‍ හේතුවෙන් මීට පෙර කොළඹ හා හම්බන්තොට වාරයේ වාහන 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබිලා
  • පසුගිය සතියේ වාහන 1000 කට ආසන්න සංඛ්‍යාවක් රේගුව මුදා හැරලා. තවත් වාහන 2000 ක් පමණ පමණ මුදා හැරීමට සූදානම්
  • හම්බන්තොට වරායට පැමිණෙන නෞකාවකට වාහන ගොඩබෑමට දැන් දින තුනක් පමණ ගතවන තත්වයක් 

විමුක්ති එස් රුද්‍රිගු

මුදා හැරීමේ ප්‍රමාදයන්, ලිපිගොනුවල තිබෙන ගැටලු‍ හේතුවෙන් වාහන 7000 කට ආසන්න වාහන සංඛ්‍යාවක් කොළඹ හා හම්බන්තොට වාරයේ සිරවී තිබෙන බවත් බව ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ලංකාදීප FT වෙත ඊයේ (19) ප්‍රකාශ කළේය.

රේගුවේ වාහන මුදා හැරීමට ප්‍රමාදවීම සහ ලිපිගොනුවල තිබෙන ගැටලු‍ හේතුවෙන් මීට පෙර කොළඹ හා හම්බන්තොට වාරයේ වාහන 10,000 ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබූ බවත් මේ වනවිට වාහන නිදහස් කිරීමේදී රේගුවේ තිබූ ප්‍රමාදය යම්තාක් දුරකට අඩුවී තිබෙන බවත් ඔහු පැවැසුවේය.

සිරවී තිබූ වාහන 10,000 කට ආසන්න සංඛ්‍යාවෙන් වාහන 8700 ක් පමණ දින 45 ක කාලයක සිට වාරයේ සිරවී තිබූ බවත් ඉතිරි වාහන වරායේ සිරවී තිබූ කාලය දින 45 ට වඩා වැඩි බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පසුගිය සතියේ වාහන 1000 කට ආසන්න සංඛ්‍යාවක් රේගුව මුදා හැරීමට කටයුතු කළ බවත් තවත් වාහන 2000 ක් පමණ පමණ මුදා හැරීමට සූදානම් බව දන්වා තිබෙන බවත් මෙරෙන්චිගේ මහතා පැවැසුවේය.

ලිපිගොනුවල ගැටලු‍ හේතුවෙන් සිරවී තිබෙන වාහන අතරට තෙවැනි පාර්ශ්වයේ රටක බැංකුවල ණයවර ලිපි විවෘත කර තිබීම හේතුවෙන් රේගුව මුදා හැරීම ප්‍රතික්ෂේප කළ වාහනද තිබෙන බව ඔහු සඳහන් කළේය.

හම්බන්තොට වාරයේ මෝටර් කාර් රථයකට මාසයක් සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ තුනක් පමණ වන බවත් කොළඹ වාරයේ මෝටර් කාර් රථයකට මාසයක් සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර වන බවත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

අය කෙරෙන ප්‍රමාද ගාස්තු වාහනයේ පිරිවැයට එකතු වන බවත් එය දැරීමට සිදුවන්නේද පාරිභෝගිකයාට බවත් ඔහු පැවැසුවේය. වෙනත් රටවල බැංකුවලින් ණයවර ලිපි විවෘත කරන්නේ ශ්‍රී ලංකාවේ ණයවර ලිපිවලට ජපාන බැංකුවලදී තිබෙන පිළිගැනීම ඉතාම අඩුවීම හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

වාහන ආනයනකරුවන් ඉල්ලා සිටින්නේ ලිපිගොනුවල යම් ගැටලු‍වක් තිබේනම් එම ගැටලු‍ නිවැරදි කරගත හැකි ආකාරය පෙන්වාදී වාහන නිදහස් කරගැනීමට ආනයනකරුවන් ඉඩ සලසා දිය යුතුවුවත් කිසිම අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඒ සඳහා උනන්දුවක් නොදක්වන බවත් ලිපිගොනුවල තිබෙන ගැටලු‍වලට විසඳුම නැවත වාහන ප්‍රති අපනයනය කිරීම නොවන බවත් මෙරෙන්චිගේ මහතා පෙන්වා දුන්නේය.

තවත් ජපාන වාහන තොගයක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බවත් ඊට පෙර වාරයේ සිරවී තිබෙන වාහන නිදහස් කර ගැනීමට රජයට මැදිහත් වනලෙස කාරුණිකව ඉල්ල සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර හම්බන්තොට වරායට පැමිණෙන නෞකාවකට වාහන ගොඩබෑමට ගතවූයේ දිනක වැනි කාලයක් වුවත් ඉඩ නොමැතිවීම හේතුවෙන් දැන් ඒ සඳහා දින තුනක පමණ කාලයක් ගතවන බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි ඔහු පැවැසුවේය.

තවත් වාහන ගොඩ ගැසුණහොත් ජපාන වාහන රැගත් නෞකාවලට හම්බන්තොට වරායට නොපැමිණෙන ලෙස ජපානයට දැනුම්දීමට නැව් සමාගම් කටයුතු කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මෙම තොරතුරු තහවුරු කර ගැනීමටත්, මෙම චෝදනා සම්බන්ධයෙන් රේගුවේ ප්‍රතිචාරය දැන ගැනීමටත් ඊයේ (19) පෙරවරුවේ සිට පස්වරුව දක්වා දුරකතනයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරුවත් ඒ සියලු‍ උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

නිෂ්කාෂණ ප්‍රමාදයෙන් වරායේ වාහන ගොඩගැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1404 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site